Divaina - ජනතා උද්ඝෝෂණවලින් ගැළවෙන්නට ලූකශේන්කෝට පුටීන්ගේ සහාය

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

putins333
 
 ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස තම රටෙහි ඇතිවී තිබෙන ජනතා උද්ඝෝෂණවලින් බේරීමට සහය ලබා   ගැනීම සඳහා රුසියාව වෙත ගිය බෙලරුස් ජනාධිපති ලූකශේන්කෝ හට රුසියානු ජනාධිපති පුටින්ගේ සහය පළවී තිබේ.
 
 මෙහිදී ලූකශේන්කොට සහය පළකරමින් පුටින් පවසා ඇත්තේ බෙලරුස් අර්බුදය විදෙස් මැදිහත්වීම්වලින් තොරව බෙලරුස් ජනතාව විසඳා ගත යුතු බවයි. එසේම ඩොලර් බිලියන එකහමාරක ණය මුදලක්ද බෙලරුස් වෙත ලබාදෙන්නට පුටින් එකඟවී තිබේ.
 
 ¥ෂිත ජනාධිපතිවරණයට විරෝධය දක්වමින් බෙලරුස් හි ආරම්භ වී තිබෙන විරෝධතා අතර තුර ලූකශේන්කෝ රුසියාවට ගිය අතර ඊට පෙර දිනයේද බෙලරුස් පොලිසිය විරෝධතාකරුවන් 771 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.
 
 බෙලරුස් රජය විරෝධතා හේතුවෙන් බිඳ වැටුන හොත් බටහිර රටවල මීළඟ ගොදුර රුසියාව වනු ඇතැයි ලූකශේන්කෝ මීට පෙර පවසා තිබිණි. මෙතෙක් කල් බෙලරුස් වැසියන් රුසියාව මිතුරු රටක් ලෙස සැලකූ අතර පුටීන්ගේ මෙම ක‍්‍රියාව බෙලරුස් වැසියන්ගේද විරෝධයට හේතුවී තිබේ.
 
 නවලිනි ඝාතන ප‍්‍රයත්නය නිසා ලොව පුරා දැඩි විවේචනයට ලක්ව සිටින පුටින් බෙලරුස් ප‍්‍රශ්නයට අතගසන්නට යාම ලොව පුරා රටවල් රැුසකද දැඩි විරෝධයට හේතුවී තිබේ. කෙසේ වෙතත් බටහිර හිතවාදී රජයක් බෙලරුස් හි ඇතිවුවහොත් එය රුසියාවට බරපතළ ප‍්‍රශ්නයක් වීම රුසියාව බෙලරුස් ප‍්‍රශ්නයට මැදිහත්වීමට හේතුවී තිබේ.

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles