Divaina - කොරෝනා රෝගීන් හමුවීම නිසා චීනයේ තවත් නගරයක් වසා දමයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

chbinatown444
 
 කොරෝනා පැතිර යෑම පාලනය කිරීම සඳහා චීනය - මියන්මාර දේශ සීමාවේ පිහිටි රුයිලි නගරය චීනය විසින් වසා දමා තිබේ. එසේම එම නගරයේ සියලූ වැසියන් කොරෝනා පරීක්ෂාවටද ලක් කෙරේ.
 
 එම නගරයේ කොරෝනා රෝගීන් දෙදෙනකු හමුවීමත් සමග මෙම තීරණය ගෙන තිබේ.
 
 මෙම නගරයට ඇතුළුවීම හා පිටවීම තහනම් කර ඇති අතර මෙම නගරයේ සියලූ දෙනාට නිවෙස්වලට වී සිටින ලෙස නියෝග කර ඇත. එම නගරයේ දෙලක්ෂ දස දහසක පිරිසක් වාසය කරන අතර ආහාර වෙළෙඳසල්, සුපිරි වෙළඳ සල් හා ෆාමසි හැර අනෙක් ව්‍යාපාරික ස්ථාන වසා දමා තිබේ.
 
 එසේම පසුගිය දිනවල එම නගරයෙන් පිටවුනු පුද්ගලයන්ට ද කොරෝනා පරීක්ෂාව සිදු කරගන්නා ලෙස දැනුම්දී තිබේ. මේ අතර චීනය කොරෝනා මර්දන නීති රීති දැඩිකර ඇති අතර බොහෝ විදේශිකයන්ට එරටට පැමිණීමට ඉඩ දෙනු නොලැබේ.

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles