Divaina - අයිවරිකෝස්ට් ජනපති තුන් වරක් තරග කරනවාට ජනතා විරෝධය

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

ivary135අයිවරිකෝස්ට් අධිකරණය විසින් එරට වර්තමාන ජනාධිපති ඇලසෙන් ඔටාරාට තුන්වන වරටත් ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අවසරය ලබා දී තිබේ. ඒ සමග මෙතෙක් ඊට එරෙහිව පැවති ජනතා විරෝධය උග‍්‍ර අතට හැරී තිබේ.
 
 එසේම එරට අධිකරණය විසින් හිටපු ජනාධිපති ලොරෙන්ට් ගබාබෝ හා හිටපු
 
 අගමැති සෝරෝ හට මෙවර ජනාධිපතිවරණයට තරග කිරීමට නොහැකි බවටද තීරණය කර තිබේ. මෙවර ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ඉදිරිපත්ව සිටි අපේක්ෂකයන් හතළිස් හතර දෙනකු අතරින් අධිකරණයේ අවසරය ලැබුණේ හතර දෙනකුට පමණි. වත්මන් ජනාධිපතිවරයාට අමතරව ඒ සඳහා අවසරය ලැබී ඇත්තේ හිටපු ජනාධිපතිවරයකු වන හෙන්රි කොනන්, හිටපු අගමැතිවරයකු වන පැස්කල් ආෆි සහ කොනන් බර්ටින් යන තිදෙනාටය.
 
 මේ සමග නැවත වරක් එරට ගැටුම් උග‍්‍රවී ඇති අතර අපේක්ෂකත්වයට අවසර නොලැබුණු අපේක්ෂකයන්ගේ ආධාරකරුවෝ රටපුරා නගරවල වාහන හා ගොඩනැගිලි ගිනි තබමින් කැරලි කෝලාහල කරන්නට පටන් ගෙන තිබේ.
 
 වර්තමාන ජනාධිපතිවරයා තුන්වන වරටත් තරග කරන බවට පසුගිය මාසයේ ප‍්‍රකාශ කිරීමත් සමග එරට කැරලි කෝලාහල ආරම්භ වූ අතර මේ වන විට ඒ හේතුවෙන් පහළොස් දෙනකු මියගොස් තවත් දහස් ගණනක් තුවාල ලබා තිබේ. වර්තමාන ජනාධිපතිවරයා මුලදී ජනාධිපතිවරණයට තරග නොකර ඒ සඳහා අගමැති අමදෝ කොලබලි ඒ සඳහා ඉදිරිපත් කරන්නට සූදානමින් සිටියද පසුගිය ජුලි මාසයේ අගමැතිවරයා හදිසියේ හෘදයාබාධයකින් මිය යාමත් සමග යළිත් තරග කරන්නට තීරණය කළේය.

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles