ත්රස්තවාදීන් විසින් කරච්චියේ පිහිටි පකිස්තානු කොටස් වෙළෙඳ පොළට ප්‍රහාරයක් එල්ල කර තිබේ.
මුලින්ම එම ගොඩනැගිල්ලේ ඇතුළුවීමේ ගේට්ටුවට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති ත්රස්තවාදීහු සිවු දෙනෙකු පසුව ගොඩනැගිල්ල තුළට කඩා වැදී ඒ තුළ සිටි පිරිස් වෙත වෙඩි ප්‍රහාර එල්ල කර තිබේ.
මෙම ප්‍රහාරවලින් හත්දෙනකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබේ. මියගිය පිරිස අතර පොලිස් නිලධාරීන් හා ආරක්ෂක නිලධාරීන්ද වෙති.
මේ අතර වහාම ක්‍රියාත්මක වූ පකිස්තානු පොලීසිය අදාළ ත්රස්තවාදීන් සිවුදෙනා ඝාතනය කර තත්ත්වය පාලනය කර තිබේ.
මේ අතර කොටස් වෙළෙඳපොළ තුළ සිටි සාමාන්‍ය ජනතාව හා එහි සේවකයෝ පිටුපස දොරටුවෙන් ඉවත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබිණි.
- Hits: 212