ලොව ජනප්‍රියම විප්ලවීය නායකයා ලෙස සැලකෙන අර්නේස්ටෝ චේ ගුවේරා උපන් නිවෙස සහිත ආර්ජන්ටිනාවේ රෝසරියෝ හි පිහිටි ගොඩනැගිල්ල විකුණා දැමීම සඳහා මිල ගණන් කැඳවා තිබේ.
මෙම ගොඩනැගිල්ලේ වර්තමාන හිමිකරු වන ෆ්රැන්සිස්කෝ ෆරුගියා 2002 වසරේදී මෙය මිලදී ගෙන තිබේ. එය සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත් කරලීම සඳහා ඔහු මිලදී ගත්තද එය සාර්ථක නොවීම නිසා මෙම ගොඩනැගිල්ල විකුණා දැමීමට ඔහු තීරණය කර තිබේ.
පසුගිය කාලය පුරා ලොව විවිධ පිරිස් මෙම ගොඩනැගිල්ල නැරඹීමට පැමිණ තිබේ.
මධ්‍යම පාන්තික ධනවත් පවුලක 1928 දී උපන් චේ ගුවේරා පසුව දකුණු ඇමරිකාවේ දුප්පත්කම හා සාගින්න දැක ඊට එරෙහිව සටනට පිවිසි අතර 1953-59 කියුබානු විප්ලවයේ ප්‍රධානතම චරිතයක් විය. බැටිස්ටා පාලනය අවසන් කර එතැන් සිට බොලීවියාවට ගිය චේ ගුවේරා බොලීවියානු හමුදාවන් විසින් අත්අඩංගුවට ගන්නා ලද අතර 1967 ඔක්තෝබර් 9 වැනිදා ඝාතනයට ලක් විය.
- Hits: 337