Divaina - පොලිස් පහරදීම් නිසා මිය ගිය පිය-පුතුට සාධාරණය ඉල්ලා - ඉන්දීය ජනතාව වීථි බසිති

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p5 4ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ පොලිස් අත්අඩංගුවේ සිටි පියකු හා පුතකු පසුව මිය යෑමත් සමග ජනතාව කුපිතවී පොලිසියට එරෙහිව උද්ඝෝෂණ ආරම්භ කර තිබේ.
 
 කොරෝනා හේතුවෙන් නියම කර ඇති කාලසීමාවට වඩා තම වෙළෙඳසල විවෘත කර තිබීම හේතුවෙන් තමිල්නාඩු පොලිසිය 58 හැවිරිදි පී.ජෙයරාජ් හා ඔහුගේ පුත් 38 හැවිරිදි ෆීනික්ස් පසුගිය දිනෙක අත්අඩංගුවට ගෙන තිබේ. පසුව මේ දෙදෙනා එදින රාත‍්‍රිය පුරා පොලිසියේ රඳවා ගෙන පසුදා නිදහස් කර තිබේ.
 
 ඉන් දින දෙකකට පසුව ඔවුන් දෙදෙනාම මිය ගිය අතර ජනතාව පවසන්නේ පොලිසියේදී මොවුන් දෙදෙනාට දරුණු ලෙස වධ හිංසා දී තිබූ බවයි.
 
 අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව වහාම නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් මේ වන විට ජනතාව වීථි බැස තිබේ.
 
 මේ අතර මෙම පිය පුතු දෙදෙනා අත්අඩංගුවට ගත පොලිස් නිලධාරීන් මාරු කර යවා ඇති අතර මිය ගිය දෙදෙනාගේ පවුලට ඉන්දීය රුපියල් ලක්ෂ දහයක් තමිල්නාඩු ප‍්‍රාන්ත රජය මගින් වන්දි ලෙස පිරිනමා තිබේ.
 

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles