Divaina - ළමුන් කොරෝනාවලට බිලි නොවීමේ රහස හෙළිවේ

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

childs135කොරෝනා වෛරසය අපගේ ශරීරයේ ෙසෙල තුළට ඇතුල්කර ගන්නා ප‍්‍රතිග‍්‍රාහක ළමයින්ගේ නාස් කුහර තුළ පිහිටා ඇත්තේ අවම වශයෙන් බව නවතම අධ්‍යයනයකින් හෙළිවී ඇතැයි සී එන් එන් පුවත් සේවය වාර්තා කරයි. අධ්‍යයනය සිදුකළ පර්යේෂකයන් විශ්වාසය පල කරන්නේ ළමුන් වෛරසයට ගොදුරුවීම අවම වීමට මෙම තත්ත්වයද හේතුවී ඇති බවයි.

මේ අතර මැලේරියාව සඳහා භාවිතා කරන ක්ලෝරොකුවීන් සහ හයිඩ්‍රොක්සි ක්ලෝරොකුවින් ඖෂධ දෙක කොවිඞ් වෛරසය වැළැක්වීම සඳහා යොදගත හැකිද යන්න සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් සරසවියේ මූලිකත්වයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

නව කොරෝනා රෝගීන් හා සම්බන්ධවී කටයුතු කරන ලොව විවිධ රටවල සෞඛ්‍ය සේවකයන් 40,000 ක් පමණ මෙම පරීක්ෂණය සඳහා සහභාගි කරගන්නා බව සඳහන්.

නව කොරෝනා රෝගීන් මුලින්ම වාර්තා වූ චීනයේ වුහාන් නගරයේ පනවා තිබු නීති විරෝධි ලෙස වන සතුන් දඩයම් කිරීම, එම සත්ත්වයින්ගේ මාංශ අලෙවි කිරීම හා අහාරයට ගැනීමේ තහනම තවදුරටත් දීර්ඝ කර ඇතැයි චීන මාධ්‍ය වාර්තා කළේය.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles