Divaina - ‘අම්ෆන්’‍ බෙන්ගාල වැසියන් 76ක් මරා දමයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

bengala333අම්ෆන් සුළි කුණාටුවේ බලපෑමෙන් බටහිර බෙංගාලයේ පුද්ගලයින් 76 දෙනෙකු මියගොස් තිබේ.
 
 බෙංගාලයේ දකුණු වෙරළබඩ ප‍්‍රදේශය හරහා හමා ගිය දරුණු සුළඟ සහ වර්ෂාව විසින් විසින් විශාල විනාශයක් සිදු කර ඇත.දහස් ගණනින් ගස් මුලිනුපුටා දමා ඇති ඇති අතර විදුලිය, දුරකථන මාර්ග සියල්ල අවහිර කර නිවාස බිමට සමතලා කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරයි.
 
 කල්කටාවේ බොහොමයක් මාර්ග ජලයෙන් යට වී ඇති බවත් මිලියන 14ක් පමණ ජනතාව විදුලිය නොමැතිව සිටින බවද සඳහන්වේ.
 
 ප‍්‍රාන්ත ප‍්‍රධාන අමාත්‍ය මම්තා බැනර්ජි ප‍්‍රකාශ කර ඇත්තේ මියගිය සාම පුද්ගලයකුටම රජයෙන් වන්දි ලබා දෙන බවයි.
 
 සුළි කුනාටුවෙන් සිදුවූ හානිය විමසීම සදහා අගමැති නරේන්ද්‍ර මොදී මහතාද ඊයේ බෙන්ගාලයට පැමිණීමට නියමිතව තිබිණි.
 
 සුළි කුණාටුවත් සමඟ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් දැඞ් ගංවතුර තත්ත්වයක් ද හටගෙන ඇති අතර පුද්ගලයන් විශාල පිරිසක් පදිංචි ස්ථානවලින් වසර 287කට පසුව එම ප‍්‍රාන්තයට බලපෑ දරුණුතම සුළි කුණාටුව ලෙසයි අම්ෆන් සුළි කුණාටුව සැලකේ.
 
 1737 දී ඇතිවූ කුණාටුවකින් බෙංගාලයේ තුන් ලක්ෂයක් මරණයට පත්ව තිබේ.
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles