
සිංගප්පුරුවේ මහජනයා ගැවසෙන උද්‍යාන වල ගමන් කරන රොබෝ බල්ලා ගැන බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ. මේ රොබෝ බල්ලා මහජනයා නිරෝධායන නීතිරීති වලට අනුව සමාජ දුරස්ථභාවය නිසිව පිළිපදින්නේ දැයි නිරීක්ෂණය කරයි. ඇමෙරිකානු සමාගමකින් නිපදවා ඇති මේ රොබෝ බල්ලා කිලෝමීටර් තුනක් ගමන් කරමින් අවට තතු විමසා බලයි