ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් පමණක් කොරෝනා අසාදිතයින් හතලිස්දහසක් වාර්තා වී ඇත. එම ප්‍රාන්තයෙන් දිනකට රෝගීන් දෙදහසක් පමණ වාතාවන තත්ත්වයක් මතුව තිබේ.
ඊයේ දිනයේ ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් පන්දහසකට අධික පිරිසක් හදුනාගෙන තිබේ.
මේ අතර ඉන්දියාවේ අභ්‍යන්තර මගී ගුවන් ගමන් ලබන සදුදා වනදා සිට ආරම්භ කිරිමට සැලසුම් කර තිබේ. එරට සිවිල් ගුවන් සේවා අමාත්‍ය හර්දීප් සින් පූරි විසින් ට්විටර් පණිවුඩක් මඟින් මේ බව දැනුම්දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
මගී ගුවන් ගමන් ආරම්භ කිරිමෙන් පසු සමාජ දුරස්තභාවය ආරක්ෂා කර ගැනිමට අවදානය යොමු කළ යුතු බව ඔහු ප්‍රකාශ කර තිබේ.
එමන්ම ගුවන් ගමන් ගාස්තු සියයට 33කින් ඉහළ නැංවිමට පියවර ගෙන ඇත.
- Hits: 288