Divaina - කොරෝනා නිසා ලෝකයේ වැඩ කරන ජනතාව අමාරුවේ

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 fori2
 
ලොව පුරා මිලින 3300 ක ලෝක වැඩකරන ජනතාව අතරින් සියයට අසු එකක පිරිසකගේ කාර්යාල හෝ සේවා ස්ථාන කොරෝනා වසංගතය හේතුවෙන් සම්පුර්ණයෙන් හෝ අර්ධ වශයෙන් වසා දමා ඇතැයි ලෝක කම්කරු සංවිධානය පෙන්වා දෙයි.
 
 මේ හේතුවෙන් ආයතන ගනනාවක් තාවකාලිකව හෝ පූර්ණ කාලීන වශයෙන් සිය සේවකයන් ඉවත් කිරීම සිදු කරනු ඇතැයි එම සංවිධානය පෙන්වා දී තිබේ.
 
 මේ හේතුවෙන් ව්‍යාපාර හා සමාගම් කඩා වැටෙමින් පවතින බවද ,මෙය සංවර්ධිත රටවලට මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලටද පොදු තත්වයක් බවද ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවසයි.
 
 මේ නිසා පවතින තත්වය සම්බන්ධයෙන් ඒ ඒ රටවල් වහාම තීරණ ගත යුතු බවද එම සංවිධානය පෙන්වා දෙයි.
 
 මේ තත්වය මත ලොවපුරා ස්ථිර සේවකයන් මිලියන 195 කට රැකියා අහිමිවනු ඇතැයිද එම සංවිධානය පෙන්වා දෙයි. මෙයින් වැඩිම බලපෑමක් එල්ලවනු ඇත්තේ අරාබි රටවල් වලට බවද එම රටවල පූර්ණ කාලීන සේවකයන් ලක්ෂ පනහකට රැකියා අහිමිවනු ඇතැයිද ජාත්‍යන්තර කම්කරු සංවිධානය පෙන්වා දෙයි. මෙය දෙවන ලෝක යුද්ධයෙන් පසු ලොව මුහුණ දෙන භයානකම තත්වය බවද එම සංවිධානය පවසයි.
 
 සිල්ලර වෙළඳ කටයුතු, නිෂ්පාදන කටයුතු,හෝටල්,ආහාර වෙළඳාම , සංචාරක අංශ , දේපල වෙළඳාම යන අංශ වල රැකියා ඉතාම දැඩි අවදානම් රැකියා කෂේත‍්‍ර ලෙසද කෘෂිකර්ම ,සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත‍්‍ර අඩු අවදානම් අංශ ලෙසටද ජාත්‍යන්තර කම්කරු සංවිධානය මගින් නම් කර තිබේ.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles