Divaina - ‘අපරාධ වාර්තා සහිත මැතිවරණ අපේක්ෂකයන්ගේ නම් හෙළි කරන්න’- ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

fori1දේශපාලන පක්ෂවලින් තරග වදින අපරාධ වාර්තා සහිත අපේක්ෂකයන්ගේ නම් ප‍්‍රකාශයට පත් කිරීම අනිවාර්ය කරමින්ද, එවැනි අපේක්ෂකයන් තෝරා ගැනීම සාධාරණීකරණය කිරීමට හේතු ඉදිරිපත් කිරීම අනිවාර්ය කරමින් ද ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ප‍්‍රකාශයට පත් කර තිබේ.

‘‘අපරාධවලට සම්බන්ධ අපේක්ෂකයන් විශාල ලෙස වැඩිවීම’’ හේතුවෙන් මේ ගැන කඩිනම් විසඳුමක් ලබා දිය යුතුව තිබූ බව ශ්‍රේෂ්ඨාධිකරණය පැවසීය.

අදාළ අපේක්ෂකයන්ගේ තොරතුරු එම පක්ෂවලට අයත් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍යවල හෙළි කිරීමට පැය 48ක කාලයක් ලබා දී ඇත.

2019 දී අලූතින් තේරී පත් වූ මන්ත‍්‍රීවරුන්ගෙන් 43%ට අපරාධ වාර්තා ඇති අතර එය 2014 දී 34%ක් විය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ පිළිබඳ සංගමය (්ෘඍ* විසින් මෙම දත්ත එළිදක්වනු ලැබ ඇත.

2004 දී අලූතින් තේරී පත් වූ මන්ත‍්‍රීවරුන්ගෙන් 24%ක් සහ 2009 දී 30%ට අපරාධ වාර්තා තිබී ඇති අතර, මේ වන විට එම සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව දත්ත අනුව පෙනී යයි.

සමහර මන්ත‍්‍රීවරුන්ට එරෙහිව ඇත්තේ සුළු චෝදනා හෝ දේශපාලනික පෙළඹීම් මත සිදු වූ අපරාධය. නමුත්, සොරකම් කිරීම, රාජ්‍ය නිලධාරීන්ට පහරදීම්, මිනීමැරීම් මෙන්ම ස්ත‍්‍රී ¥ෂණය වැනි බරපතළ චෝදනා ලද බොහෝ දෙනෙක් සිටිති.

‘‘චෝදනා නොමැති’’ අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට දේශපාලන පක්ෂවලට නොහැකි වන්නේ මන්දැයි අධිකරණය විමසීය. ‘‘ජයග‍්‍රාහීභාවය’’ වෙනුවෙන් යැයි පවසා චෝදනා ලද අපේක්ෂයන් මැතිවරණයට ඉදිරිපත් කිරීම ප‍්‍රමාණවත් සාධාරණීකරණය කිරීමක් නොවන බවද අධිකරණය පැවසීය.

අදාළ තොරතුරු මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කරන ලෙස පක්ෂවලට දන්වා ඇති අතර, එසේ කිරීමට අපොහොසත් වුවහොත් එය අධිකරණයට අපහාස කිරීමක් ලෙස සලකනු ඇත.

‘‘බරපතළ අපරාධ චෝදනා ඇති අපේක්ෂකයන් තෝරා ගැනීමට පාර්ශවයන් පොළඹවන ප‍්‍රධාන සාධකය ඔවුන්ගේ මුදල් බලයයි,’’ දේශපාලන විද්‍යාඥයෙකු වන මිලාන් වෛෂ්නව් පවසයි.

ඉහළ යමින් පවතින මැතිවරණ පිරිවැය සහ අපැහැදිලි මැතිවරණ මූල්‍ය ක‍්‍රමය නිසා පක්ෂ සහ අපේක්ෂකයන් වෙත ලැබෙන මුදල් සහ වියදම් ගැන හෙළි වන්නේ අල්ප වශයෙනි.

මේ හේතුවෙන්, ‘‘ස්වයං-මූල්‍ය සම්පාදක අපේක්ෂකයන්ට පක්ෂවලින් වැඩි කැමැත්තක් දක්වන අතර, පක්ෂයෙන් මුදල් සම්පාදනයක් වෙනුවට ඔවුන් පක්ෂයට ‘කුලියක්’ ගෙවීම වැන්නක් සිදුවෙනවා.’’ එවැනි අපේක්ෂකයන්ගෙන් බොහෝදෙනා අපරාධ වාර්තා සහිතය.

කොටස් තුනකින් යුතු ඉන්දියානු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයේ, දේශපාලන තනතුරු මිලියන තුනක් ඇත. ඒ හේතුවෙන්, සෑම මැතිවරණයක් වෙනුවෙන්ම සැලකිය යුතු සම්පත් ප‍්‍රමාණයක් අවශ්‍ය වේ.

බොහෝ පක්ෂ අධිපතියන්ගේ මෙහෙයවීම යටතේ තිබෙන අතර, පක්ෂ අභ්‍යන්තරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් සහ කොන්දේසි නොමැත. මේ හේතුවෙන් ‘‘ගැඹුරු සාක්කු සහිත අවස්ථාවාදීන්ට අපේක්ෂකයන්’’ ලෙස ඉදිරිපත් වීමට අවස්ථාව සැලසේ.

‘‘අපරාධකාරී අපේක්ෂකයෙකුට තමන් රොබින් හුඞ් වැනි චරිතයක් යැයි කියමින් පෙනී සිටීමට මෙහි ඉඩකඩ සෑදී තිබෙනවා,’’ ඔහු තවදුරටත් පැවසීය

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles