Divaina - සතුරා ඇමෙරිකාව නොවෙයි ඉරාන නායකයන් බව විරෝධතාකරුවෝ පවසති

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

fori1 ඉරාන නායක අස්‌තුල්ලා අල් කාමේනි බලයෙන් ඉවත් විය යුතු යෑයි දක්‌වමින් ඉරාන විරෝධතාකරුවෝ 3000 කට අධික පිරිසක්‌ ටෙහෙරාන් අගනුවර විරෝධතා පවත්වා ඇත.
 
 මෙම විරෝධතාකරුවන් පැවසූවේ ඉරාන නායකයන් ඇමෙරිකාව සතුරන් යෑයි පැවසූවත් නියම සතුරා ඉරාන නායකයන් බවය.
 
 මෙම විරෝධතාකරුවන් පලවා හැරීමට පොලිsසිය කඳුළුගෑස්‌ ප්‍රහාර එල්ල කර ඇත.
 
 දින කීපයකට පසු ඉරානය පැවසූවේ අත් වැරදීමකින් මිසයිල ප්‍රහාරයක්‌ එල්ල වූ බවයි.
 
 මියගිය පිරිසගෙන් 62 ක්‌ යුක්‌රේන ඉරාන ද්විත්ව පුරවැසියන් වන අතර 57 ක්‌ කැනඩා පුරවැසියන් වේ.
 
 යුක්‌රේන ගුවන් යානාවට එල්ල වූ මිසයිල ප්‍රහාරය ගැන ඉරාන ජනතාව තුළ කෝපය මතු වී ඇත.
 
 මෙම ගුවන් අනතුර ගැන කැනඩා අගමැති ජස්‌ටින් ටෘඩෝ පැවසූවේ සත්‍යය හෙළිවනතුරු ඉරානයට එරෙහි සටන ගෙනයන බවයි.
 
 මෙම ගුවන් අනතුර ඉරාන මිසයිල ප්‍රහාරයකින් එල්ල වූ බව මිසයිලය බල මුළුවේ ප්‍රධානියකු ඉරාන බලධාරින්ට දැනුම් දී තිබුණත් ඊට සවන් දී නැත.
 
 එම විප්ලවීය බලමුළුවේ ප්‍රධානී හුසේන් සලාම් යුක්‌රේන් යානාවට එල්ල වූ ප්‍රහාරය ගැන තොරතුරු වසන් නොකරන බව පැවසීය. මේ අතර අයහපත් තත්ත්වයක්‌ ඇති වී තිබියදී යුක්‌රේන් යානාවට පියාසර කිරීමට ටෙහෙරාන් පාලක මැදිරිය ඉඩ දුන්නේ මන්ද යන්න ප්‍රශ්නයක්‌ වී ඇත.
  

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles