Divaina - ලොව දාහතරවන ධනවතා ඇමරිකානු ජනාධිපතිවරණ අපේක්‌ෂකත්ව තරගයට

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

 

danawatha22

ඇමරිකා එක්‌සත් ජනපදයේ සිටින ප්‍රධානතම කෝටිපති ව්‍යාපාරිකයකු වන මයිකල් බුම්බර්ග් ඩිමොක්‍රටික්‌ පක්‌ෂයේ අපේක්‌ෂකත්වය සඳහා වන තරගය සඳහා ඉදිරිපත්ව සිටී. ඔහු නිව්යෝක්‌ නගරාධිපතිවරයා ලෙස ද කලක්‌ කටයුතු කළේය.
 
 77 හැවිරිදි බුම්බර්ග් පවසන්නේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කරන්නට තරම් හැකියාවක්‌ ඇති අපේක්‌ෂකයකු ඩිමෝක්‍රටික්‌ පක්‌ෂයෙන් ඉදිරිපත් වී නැති නිසා තමන් එම අභියෝගය භාර ගැනීමට සිතූ බවයි. ඩිමෝක්‍රටික්‌ පක්‌ෂ අපේක්‌ෂකත්වය සඳහා මේ වනවිට 17 දෙනකු ඉදිරිපත්ව සිටිති.
 
 1942 පෙබරවාරි 14 වැනිදා උපන් මයිකල් බුම්බර්ග් ගේ වත්කම් ඩොලර් බිලියන පනස්‌තුනකි. ඇමරිකා එක්‌සත් ජනපදයේ 9 වන ධනවතා වන ඔහු ලොව දාහතරවන ධනවත්ම පුද්ගලයාය. ජනාධිපති ට්‍රම්ප් ගේ වත්කම් මෙන් දාහත් ගුණයක වත්කම් මයිකල් බුම්බර්ග් සතුය.
 
 සංස්‌කරණය ජනිත සෙනෙවිරත්න

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles