Divaina - බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලුලා ද සිල්වා නිදහස්‌ කෙරේ

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

 

lula


 
 සිරගත කර සිටින බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලුලා ද සිල්වා ඇප පිට නිදහස්‌ වී තිබේ.
 
 අභියාචනා ඉදිරිපත් කරන සිරකරුවන්ට එම අභියාචනා තීන්දු ලැබෙන තුරු නිදහස ලබා දීමට බ්‍රසීල අධිකරණය තීරණය කිරීමත් සමග හිටපු ජනාධිපතිවරයාට නිදහස හිමි විය.
 
 මෙම නව තීරණයත් සමඟ දහස්‌ ගණනක්‌ සිරකරුවන්ට නිදහස හිමි විය.
 
 2003 වසරේ සිට 2010 දක්‌වා බ්‍රසීලය පාලනය කළ ලුලා ද සිල්වා පසුගිය වසරේ සිරගත කෙරිණි.
 
 පසුගිය වසරේ ජනාධිපතිවරණයේදී ජයගනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළ ලුලා ද සිල්වාට සිරදඬුවම නිසා එම අවස්‌ථාව හිමි නොවීය.
 
 ලුලා ද සිල්වා තමන්ට එල්ල වී ඇති දූෂණ චෝදනා ඔහු ප්‍රතික්‌ෂේප කර තිබේ.
 
 ඔහු පවසන්නේ මෙය තනිකරම දේශපාලන හේතු මත ගොතන ලද චෝදනා බවයි.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles