Divaina - ඇමරිකානු හමුදා අග්නිදිග ආසියාවේ අල්කයිද්‍ර ත්‍රස්‌ත නායකයා මරා දමයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

fori1- හමුදා මෙහෙයුමේදී සිවිල් වැසියන් 40 ක්‌ ද ඝාතනය වෙති
 
 - ඇෆ්ගනිස්‌ථානයේ හෙල්මන්ට්‌ ප්‍රදේශයේ තාලිබාන් කඳවුරකට ප්‍රහාර එල්ල කර ඇමරිකානු ඇෆ්ගන් ඒකාබද්ධ හමුදා අග්නිදිග ආසියාවේ අල්කයිද්‍රd ත්‍රස්‌ත නායකයා වූ අසිම් ඕමාර් මරා දමා ඇත.
 
 මෙම තාලිබාන් කඳවුර සමීපයේ පැවැති විවාහ මංගල්‍යය උත්සවයකට ද මේ හමුදා ප්‍රහාරය එල්ලවී සිවිල් වැසියන් 40 ක්‌ මරුමුවට පත්වූහ.
 
 ත්‍රස්‌ත නායකයා මරා දැමීමට එල්ල වූ ප්‍රහාරයේදී සිවිල් වැසියන් මිය යැම ගැන ඇෆ්ගන් ජනපතිවරයා කනගාටුව පළ කර තිබේ.
 
 මුසාකුමාලා නමැති ස්‌ථානයේ මෙම තාලිබාන් කඳවුර පිහිටා තිබිණි.
 
 අසිම් ඕමාර් සමග ඔහුගේ සහායකයන් 6 ක්‌ ද ඝාතනය වී ඇත. ඇෆ්ගන් බුද්ධි සේවාව පැවසුවේ තාලිබාන් කඳවුර සමීපයේ විවාහ මංගල්‍යයක්‌ පැවැති බවයි.
 
 එහිදී ළමුන් සහ කාන්තාවන් ද මරුමුවට පත්වී ඇත. විවාහ මංගල්‍යයට සහභාගි වූ තවත් සිවිල් වැසියන් 12 ක්‌ ද බරපතළ තුවාල ලබා තිබේ.
 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles