Divaina - මගීන් 400 ක්‌ සමග ගුවන් යානයක්‌ පුපුරුවා හැරීමට සැලසුමක්‌..... සහෝදරයෝ දෙදෙනා දිවි ඇති තෙක්‌ සිරගෙට

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 brothers2
 ගුවන් යානයක්‌ පුපුරුවා හැරීම සඳහා සැලසුම් කළ අයි. එස්‌. ත්‍රස්‌ත සංවිධානයේ සාමාජිකයන් දෙනෙකු ඔස්‌ටේ්‍රලියානු අධිකරණය විසින් වරදකරුවන් කර තිබේ. මොවුන් දෙදෙනා සහෝදරයන්ය.
 
 මෙසේ වරදකරුවන් කර ඇත්තේ කාලීඩ් කයාට්‌ (51) සහ මොහොමඩ් කයාට්‌ (34) යන දෙදෙනාය.
 
 මොවුන් 2017 වසරේ ජූලි මාසයේදී සිඩ්නි නගරයේ සිට අබුඩාබි බලා මගීන් 400 ක්‌ සමග ගමන් කරන ගුවන් යානයකට බෝම්බ තබා පිපිරවීමට සැලසුම් කර තිබිණි.
 
 ග්‍රයින්ඩරයක්‌ තුළ මෙම බෝම්බය සඟවා ගුවන් තොටුපළට ගෙනැවිත් තිබිණි.
 
 අදාළ බෑගය අධික බරෙන් යුක්‌තවීම නිසා එය ගුවන් යානයට ඇතුළු කිරීම ගුවන් යානා කාර්ය මණ්‌ඩලය ප්‍රතික්‌ෂේප කර තිබිණි.
 
 මොවුන්ගේ තවත් සහෝදරයකු වන ආමේර් කයාට්‌ විසින් මෙම බෑගය ගුවන් තොටුපළට රැගෙන ආවද ඒ තුළ බෝම්බ ඇතැයි මොහු නොදැන සිටි බව පරීක්‌ෂණවලදී හෙළිදරව් වූ අතර එම නිසා ඔහු නිදහස්‌ විය.
 
 මොවුන් දෙදෙනාට ජීවිතාන්තය දක්‌වා සිර දඬුවම් ලබා දෙනු ඇතැයි පැවසේ.
 
 මොවුන්ගෙන් තවත් සහෝදරයකු වන තාරික්‌ කයාට්‌ ද අයි. එස්‌. ත්‍රස්‌තවාදියකු වන අතර ඔහු දැනට ඉරාකයේ සිර දඬුවම් විඳිමින් සිටී.

 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles