Divaina - ලොකු අයට බදුසහන දුන් ආණ්ඩුව පොඩි මිනස්සුන්ට දුන්නේ බඩගින්න එජාප නායක රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුව අමතමින් කියයි

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 

 

ranil2  

 
 
 අකිත පෙරේරා - රනිල් ධර්මසේන
 
ජනතාව විසින් ආණ්ඩුවට ලබාදුන් ජනවරම යොදවන්නේ නැතුව අර්ධ හමුදාකරණයකට රටේ බලතල භාරදීම පිළිබඳව විවාදයක් ලබාදෙන ලෙසත්, එහිදී කැබිනට් මණ්ඩලයේ බලතල අතහැරීම, ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම, ජනවරම නැති කිරීම ගැනත් එහිදී කතා කළ හැකි යැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23 දා* කියා සිටියේය.
 
 එහිදී හෙතෙම වැඩිදුරටත් මෙසේද පැවසීය.
 
 ‘‘අද මේ සභාවට පැමිණිලා යළිත් පාර්ලිමේන්තු ජීවිතයක් ආරම්භ කිරීමට අවස්ථාව ලැබීම ගැන මං විශේෂයෙන්ම මගේ සතුට ප‍්‍රකාශ කරනවා. මේ පිළිබඳව ඔබතුමාටත් අපේ සභානායක තුමාටත්, අගමැතිතුමාටත්, විපක්ෂ නායකතුමාටත්, අනිත් පක්ෂ නායකයන්ටත් මම මගේ ස්තුතිය ප‍්‍රකාශ කරනවා. අපේ බන්දුල ඇමැතිතුමාගේ කතාවට ඇහුම්කන් දීමේදි මට එක දෙයක් මතක් වුණා. ඔව් මේ ආණ්ඩුවෙන් බදු සහන ලබාදීලා තියෙනවා. ලොකු මිනිස්සුන්ට බදු සහන දුන්නා. පොඩි මිනිස්සුන්ට බඩගින්න දුන්නා.
 
 අද තියෙන තත්ත්වය මොකක්ද කියලා බලමු. මට අතීතය පිළිබඳ වැඩිය කතා කරන්නට අවශ්‍ය නෑ. 2019 මේ රටේ විදේශ විනිමය සංචිතය තිබුණේ ඩොලර් කෝටි 700 ක්. අද ඩොලර් කෝටි 400 කට අඩුවෙලා තියෙන්නේ.
 
 මීට අමතරව මට මතකයි මම උදය ගම්මන්පිල ඇමතිතුමාගේ ප‍්‍රකාශයක් කියෙව්වා, තෙල් සංස්ථාවේ තියෙන ණය. තෙල් සංස්ථාවට ඒ අවස්ථාව දුන්නේ නෑ ණය ගෙවන්න. ඒ මුදල් වෙන තැනකට ගත්තා. එතැනත් තියෙනවා කෝටි 300 ක් විතර. මේක අපේ සංඛ්‍යා ලේඛනවලට එන්නේ නෑ. මේ දෙකම එකතු කරන්න. අනික අපිට හදිසියේ ගන්න තියෙන අපේ වාණිජ බැංකු. වාණිජ බැංකුවල අද ණය තියෙනවා. මේ එකකවත් සංඛ්‍යාලේඛන නෑ අද. මේක අපේ රටට බලපානවා.
 
 මේ මාසයේ අවසන් වෙනකොට ඩොලර් කෝටි 100 ක ණය ගෙවන්නට වෙලා තියෙනවා. තවත් කෝටි 200ක් විතර තියෙනවා ගෙවන්නට. අපි කොහොමද මේවා ගෙවන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ජාත්‍යන්තර මූල්‍ය සංවිධානයෙන් කෝටි 78 ක් ලැබෙයි කියලා. ඒක මේ අවුරුද්දේ ලැබෙයිද එන අවුරුද්දෙ ලැබෙයිද කියලා අපි දන්නේ නෑ. ඒක ලැබෙනවා. ස්වැප් එකෙන් තව කෝටි 40 ක් විතර ලැබෙනවා. බංග්ලාදේශයෙන් කෝටි 20 ක් ලැබෙනවා. මේකෙන් කොහොමද අපි මේ වැඩ කටයුතු කරගෙන යන්නේ. මෙතැන තියෙන්නේ අතීතය ගැන කතාකරන්නට නොවෙයි. කතාකරන්නට ඕනේ මේකෙන් අපි
 
 ගොඩඑන්නේ කොහොමද කියල. අපි විසඳුමක් හොයන්න ඕනේ. අවුරුදු දෙක තුනක් හෝ ඊට වඩා යන්නට පුළුවන්. සමහරු කියනවා අවුරුදු දහයක් කියලා. අපිට යම්කිසි විසඳුමක් සැලසුමක් තියෙන්නට ඕනේ.
 
 ආණ්ඩුව ඒක ඉදිරිපත් කරල නෑ. ඇමැතිතුමා කිව්වා මේක සාකච්ඡුා කරන්න පාර්ලිමේන්තුවේ වාරයක් ඇති කරන්න. මම එතුමා සමග සීයට සීයක් එකඟයි. ඒත් මොකක්ද ඔබතුමන්ලාගේ විසඳුම? කොයි මාර්ගයේද යන්නේ. මම නම් කියන්නේ අපට තියෙන එකම මාර්ගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආපහු ගනුදෙනු කිරීම. ඔබතුමන්ලා එකඟ නැත්නම් ඒ විකල්පය මොකක්ද කියලා අපිට කියන්න. විකල්පයක් නොමැතිව සංඛ්‍යා ලේඛන කතා කරන එකේ අපිට කිසිම ප‍්‍රයෝජනයක් නැහැ. අනික මෙතන අද තියෙනවා පොහොර ප‍්‍රශ්නය. අපට තියෙනවා තෙල් ප‍්‍රශ්නය. අධ්‍යාපන ප‍්‍රශ්න
 
 ගණනාවක් මේ රටේ තියෙනවා. මේ ඔක්කොම එකතුවෙලා පිපිරුණොත් මොකක්ද මේ රටට වෙන්නේ. ආණ්ඩුවක් නැති වෙනවා. පාර්ලිමේන්තුව නැති වෙනවා. අන්න ඒක මතක තියාගෙන අපිට අවස්ථාව දෙන්න මේ ගැන සාකච්ඡුා කරන්නට.
 
 එමෙන්ම තව කාරණයක් සඳහන් කළ යුතුයි. මේකට පදනම වෙලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම කොවිඞ් වසංගතය. මොකද්ද අපි කරලා තියෙන්නෙ කොවිඞ් වසංගතය ගැන. මම මෙතැනට එන්න ඉස්සෙල්ලා මගෙන් කොළඹ නගර සභාවේ නගරාධිපතිනි ඉල්ලීමක් කළා අගමැතිතුමාට කියලා ලැබිලා තියෙන ඇස්ට‍්‍රාසෙනිකාවලින් කොටසක් දෙන්න කියලා, අර දෙවැනි වටේ ලබා දෙන්නට කියලා. මං ඒක මේ සභාවට ප‍්‍රකාශ කරනවා. අද මොකක්ද මේ වෙලා තියෙන්නේ. අපිට එකක් කියන්නට පුළුවන් මේ කාර්ය සාධක බළකාය සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. පටන්ගත්ත දා ඉඳන් අද වෙනකම් මොකක්ද මේ කරන්නෙ. සෞඛ්‍ය ඇමැතිතුමියගේ කතාවට ඇහුම්කන් දුන්නා නම් තේරෙයි මොකක්ද අපි කරන්නේ. මේ කාර්ය සාධක බළකායත් එක්ක ඉදිරියට යන්නට බැහැ අසාර්ථක වෙලා තියෙන්නේ.
 
 අපේ ව්‍යවස්ථාව අනුව මේ වගකීම තියෙන්න ඕනි කැබිනට් මණ්ඩලයටයි. කැබිනට් මණ්ඩලය වගකියන්නෙ පාර්ලිමේන්තුවටයි. ව්‍යවස්ථාවේ 3, 4, 43 වගන්තියෙන් මේ ආණ්ඩුව පාලනය කරන්නට පුළුවන් කැබිනට් මණ්ඩලයට පමණයි. අගමැතිතුමත් මෙතැන ඉන්නවා, ඇමතිවරුත් ඉන්නවා. ඔබතුමා බාරගන්න. ඔබතුමා වැරැුදි වුණොත් අපිට පුළුවන් මෙතැනට ඇවිල්ල කෑ ගහන්න. අඩුතරමින් පෝස්ටර් හරි උස්සන්න. ඇයි මේක කැබිනට් මණ්ඩලයට භාර නොදෙන්නේ. අනික ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ වෙනම කණ්ඩායමක් තියෙනවා. ලංකාවේ ඒක නෑ. කොමිටියක් තියෙන්නෙ. ඒක බාරදීලා තියෙන්නේ දෙපාර්තමේන්තු ප‍්‍රධානියෙක්ට.
 
 හමුදාපති කියන්නේ දෙපාර්තමේන්තු ප‍්‍රධානියෙක්. කොහොමද එතුමා මේ වැඩ කටයුතු කරන්නේ. ලේකම්වරුන්ට නියෝග දෙන්න පුළුවන් ඇමැතිතුමාට නැත්නම් කැබිනට් මණ්ඩලයට පමණයි. දෙපාර්තමේන්තු ප‍්‍රධානීන්ට නියෝග දෙන්නේ ලේකම්වරු ඇමැතිවරුන්ගේ තත්ත්වය අනුව. ඇයි මේ බලතල ක‍්‍රියාත්මක නොවෙන්නේ. අපි කියන්නෙ ඒකෙ නායකත්වය ගන්න ව්‍යවස්ථාවෙන්. එතකොට අපිට පුළුවන් පාර්ලිමේන්තුවෙ ඉඳන් ඒ ගැන කතා කරන්න. අනික ඕනෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රජයක කණ්ඩායම් තුනක් ඉන්නවා.
 
 දේශපාලන අධිකාරිය ඒ තමයි කැබිනට් මණ්ඩලය. ජනාධිපති, අගමැති, කැබිනට් ඇමතිවරු. සිවිල් බලය ඒ තමයි ලේකම්වරුන්ගේ සිට පහළට. මිලිටරි බලය, හමුදාව යුද්දෙට යවන එක. අද මිලිටරි බලය අරගෙන දැන් සිදුවෙලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම රට පාලනය කිරීම. ඒක කරන්නට බැහැ. ඒක වැරැුදියි. ආයෝජන මණ්ඩලයේ සාකච්ඡුාවට මුදල් ඇමැතිතුමා ඉන්න තිබුණා. නැත්නම් රාජ්‍ය ඇමැතිතුමා ඉන්න තිබුණා. ඒ මැද්දට ඇවිල්ල හමුදාපති කතා කරනවා. ඒක දැක්කම හිටපු අයත් ගියා. මට කිසිම ප‍්‍රශ්නයක් නෑ හමුදාපති එක්ක. එතුමා මං හොඳට ආශ‍්‍රය කරන, මට උදව් කරලා තියෙන කෙනෙක්. නමුත් මේ වැඩ කටයුත්ත කරන්න බැහැ. මේක හමුදාකරණයකට යන්නෙ.
 
 ඔබතුමාලා අරගන්නවා නම් කමක් නෑ. ජනතාව ඔබතුමන්ලාට ජනවරම දුන්නා. ඒ ගැන අපිට විවාද කරන්නට බැහැ. නමුත් අපි ඔබතුමාට දොස් කියන්නේ මෙම ජනවරම යොදවන්නේ නැතුව අර්ධ හමුදාකරණයකට යනවා. ඒ බලතල භාරදෙනවා කියලා. අගමැතිතුමනි, මම ඉල්ලනවා අපිට විවාදයක් දෙන්න. මේ ව්‍යවස්ථානුකූල ප‍්‍රශ්නය, පාර්ලිමේන්තුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන සාකච්ඡුා කරන්නට අවස්ථාව දෙන්න. මොකද අපේ දේශපාලන විරුද්ධවාදිකම් තිබුණට ව්‍යවස්ථාව අනුව කැබිනට් එක තමයි තීරණ ගන්න ඕන. ඒවා විවේචනය කරන්නට අපිට පුළුවන්. විශ්වාස භංග යෝජනා ගේන්න පුළුවන්. එහෙත් ඒක කරන්නෙ නැත්නම් මේ පාර්ලිමේන්තුව ක‍්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ නිසා මම ඉල්ලනවා වෙලාවක් මේ කැබිනට් මණ්ඩලයේ බලතල අතහැරීමත්, ක‍්‍රියා නොකිරීමත් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමත්, ජනවරම නැති කිරීම ගැනත් අපිට විවාදයක් ලබා දෙන්නට කියලා. දෙපැත්තේ සියලූම දෙනාට ස්තුති කරමින් අර කරුණු සමග සාකච්ඡුා කරමු.

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles