Divaina - හිරකරුවෝ කීපදෙනෙක් අද එල්ලූම් ගහෙන් බසිති

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 

hirakaruwo300
 
 
 
 සමන් ගමගේ
 
 මරණීය දණ්ඩනය හිමිවී දැනට බන්ධනාගාරගත කර සිටින රැඳවියන් රැසකට අදට (24 වැනිදා* යෙදී ඇති පොසොන් පුන් පොහොය නිමිත්තෙන් විශේෂ ජනාධිපති සමාවක් යටතේ ජීවිත සමාවක් ලබාදීමට කටයුතු කෙරෙමින් පවතින රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග ඊයේ (23 වැනිදා* ස`දහන් කළේය.
 
 ඒ අනුව විශේෂ නිර්ණායකයන් කිහිපයක් යටතේ තෝරාගත් සිරකරුවන් පිරිසකට හිමිවී ඇති මරණීය දණ්ඩනය ජීවිතාන්ත සිර දඬුවමක් බවට පත් කිරීමට නියමිතව ඇත.
 
 මේ සම්බන්ධයෙන් උසස් බන්ධනාගාර නිලධාරියකුගෙන් අප කළ විමසීමක දී අදාළ අංශ මගින් සමාවක් ලැබිය යුතු රැ`දවියන්ගේ තොරතුරු බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ලබා ගෙන ඇතත් ඊයේ පස්වරුව වන තෙක්ම ඒ පිළිබඳ කිසිදු දැනුම්දීමක් සිදු නොවුණු බව පැවසීය. සාමාන්‍යයෙන් පොසොන් පොහොය නිමිත්තෙන් සෑම වසරකම සාමාන්‍ය සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාවක් හිමිවන අතර ඇතැම් විට එම පොසොන් සමාව සමග මරණීය දණ්ඩනය හිමි වූ සිරකරුවන්ට සමාව ලබාදීමක් සිදුවිය හැකි බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
 
 මරණීය දණ්ඩනය හිමිවී බන්ධනාගාරගතව සිටින රැු`දවියන් දීර්ඝ කාලයක සිට තමන්ට සමාවක් ලබා දෙන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලීම් කරනු ලැබූ අතර 1998 වසරේ කොළඹ මෝදර කාකදූපත ප‍්‍රදේශයේදී සිදු වූ රීටා ජෝන්ස් ඝාතන සිද්ධියෙන් පසු මෙරටේ මරණීය දණ්ඩනය හිමිවන සිරකරුවන්ට ලබා දුන් සමා ක‍්‍රමය අහෝසි කිරීමට එවකට පැවති රජය කටයුතු කළේය. එතැන් සිට ද`ඩුවම් කිරීම සිදු වුවද සමා ක‍්‍රමය අහෝසි වී යෑම නිසා එය බන්ධනාගාර තදබදයට ද දැඩිව බලපෑ කරුණක් විය.
 

 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles