Divaina - මැයි මාසයේ උද්ධමනය වැඩි වෙලා

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය



 

Inflation
 
 ශ්‍යාම් නුවන් ගනේවත්ත


 
 මැයි මාසයේ උද්ධමනය සියයට 6.1 දක්වා ඉහළ ගොස් ඇත.
 
 ඉකුත් අපේ‍්‍රල් මස පැවැති උද්ධමනය සියයට 5.5ක් විය.
 
 ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මේ උද්ධමනය ගණනය කර ඇත.
 
 ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් මෙසේ මැයි මාසයේ උද්ධමනය ඉහළ යෑම සඳහා හේතු වූ බව මහ බැංකුව පවසයි.
 
 මේ අනුව ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 අපේ‍්‍රල් මාසයේ දී පැවැති සියයට 9.7හි සිට මැයි මාසයේ දී සියයට 10.3 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 අපේ‍්‍රල් මාසයේ පැවති සියයට 2.2හි සිට 2021 මැයි මාසයේ දී සියයට 2.5 දක්වා ඉහළ ගිය බව මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.
 
 2021 මැයි මාසයේ දී ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස 0.95ක් ලෙස වාර්තා වූ අතර, ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයේ ප‍්‍රධාන වශයෙන්, පොල්තෙල්, සහල් සහ නැවුම් මත්ස්‍ය මිල ගණන්වල ඉහළ යෑමක් දක්නට ලැබුණි. තවද, සෞඛ්‍ය (රසායනාගාර ගාස්තු, පෞද්ගලික රෝහල්/ සාත්තු නිවාස ගාස්තු*, නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ අනෙකුත් ඉන්ධන (එල්.පී.ගෑස්* සහ ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ සහ ගෘහ ඒකක නඩත්තු (නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය* යන උප කාණ්ඩවල මිල ගණන් ඉහළ යෑම් හේතුවෙන්, ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි ඉහළ යෑමක් 2021 මැයි මාසයේ දී වාර්තා වූ බව ද එම වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles