Divaina - මරණ අඩු කරන්න එන්නත්කරණය හදන්න GMOA රජයට යෝජනා දෙයි

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

උපාලි ද සේරම්
 
 Vaccination344

කොවිඞ් මරණ අඩුකරගෙන ආර්ථික කටයුතු සහ දෛනික කටයුතුවලට සිදුවන බාධා අවම කර  ගනිමින් රට යළි ස්ථාවරව පවත්වාගෙන යෑම සඳහා දැනට සිදුකරන එන්නත්කරණ ක‍්‍රියාවලිය සංශෝධනයට ලක්කළ යුතු යැයි රජයේ වෛi නිලධාරීන්ගේ සංගමය පවසයි.
 
 ඒ අනුව අධි අවදානම් පිරිස් ලෙස සෞඛ්‍ය සහ ඉදිරි පෙළ සේවය නියුතු පුද්ගලයන් සහ ඔවුන්ගේ අධි අවදානම් ආශ‍්‍රිතයන් එන්නත්කරණය, වයස අවුරුදු 60 ට වැඩි සියලූදෙනා එන්නත්කරණයට ලක්කිරීම, වයස අවුරුදු 18 ත් 60 ත් අතර බෝ නොවන රෝගවලින් පෙළෙන අයට එන්නත් ලබාදීම, ගැබිණි මව්වරුන්ට එන්නත් ලබාදීම, අත්‍යවශ්‍ය සේවාවල නිරත අයට එන්නත් කිරීම, කර්මාන්තශාලා සේවකයන් සහ ගුරුවරුන් වැනි ආර්ථිකව වැදගත් සේවා පවත්වාගෙන යන පුද්ගලයන් එන්නත්කරණයට ලක්කිරීම යන සංශෝධන හයක් එන්නත් කරණ වැඩසටහනට එම සංගමය යෝජනා කරයි.
 
 මෙසේ එන්නත් කිරීම මගින් මෙරට මුළු ජනගහනයෙන් සියයට 20 ක් පමණ නියෝජනය වන බවත්, එම පිරිසට එන්නත් ලබාදීම සඳහා අවශ්‍ය වන්නේ දල වශයෙන් එන්නත් මාත‍්‍රා මිලියන 9 ත් 10 ත් අතර ප‍්‍රමාණයක් බවත් පවසන රජයේ වෛi නිලධාරීන්ගේ සංගමය මෙම එන්නත්කරණය ඉදිරි මාස දෙක ඇතුළත නිසි කළමනාකරණයෙන් යුක්තව සිදුකළහොත් රට යළි ස්ථාවරව පවත්වාගෙන යා හැකි යැයි සඳහන් කරයි.
 
 වසංගත රෝග විiා අංශය මගින් දැනට සිදුකරන වයස අවුරුදු 30 ට වැඩි සියලූදෙනා එන්නත්කරණයට ලක්කිරීම මගින් කොරෝනා රෝග ව්‍යාප්තිය පාලනය සඳහා එන්නත් මාත‍්‍රා මිලියන 30 ක් පමණ අවශ්‍ය වන බවත් ඒ සඳහා දීර්ඝ කාලයක් ගතවනු ඇති බවත් රජයේ වෛi නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

 

 

 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles