Divaina - අද සිට මත්පැන් අලෙවිසල් විවෘතවේ

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

alcoholසංචරණ සීමා ඉවත් කිරීමත් සමග දිවයින පුරා මත්පැන් අලෙවිසල් ද අද (21දා) සිට විවෘත කිරීමට අවසර ලැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පැවසීය.

මේ සම්බන්ධයෙන් සියලූම සහකාර සුරාබදු කොමසාරිස්වරුන්, සුරාබදු අධිකාරිවරුන් හා සුරාබදු ස්ථානාධිපතිවරුන් වෙත නිවේදනයක් නිකුත් කර ඇති සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සියලූ වෙළෙඳසල් විවෘත කිරීමට අවකාශ ලබාදී ඇති හෙයින් සුරාබදු බලපත‍්‍ර ලත් ස්ථාන පමණක් විවෘත කිරීමට අවසර ලබාදීමට කටයුතු කරන ලෙස දැනුම් දී තිබේ.

දැනට වසා මුද්‍රා තබා ඇති බලපත‍්‍රලත් ස්ථානවල මුද්‍රා ඉවත් කිරීමට ක‍්‍රියාමාර්ග ගැනීමේ වගකීම අදාළ සුරාබදු කොමසාරිස්වරුන්ට පවරන බවද එම නිවේදනයේ සඳහන් වේ.

සෙසු බලපත‍්‍රලත් ස්ථාන සම්බන්ධයෙන් ගතයුතු පියවර නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ලද පසු දැනුම්දෙන බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.

කොවිඞ් පැතිරීම වැළැක්වීම සඳහා සංචරණ සීමා පැනවීමත් සමග සියලූ මත්පැන් අලෙවිසල්ද සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව සුරාබදු ප‍්‍රධානීන් විසින් වසා දමනු ලැබීය.

ආරක්ෂක පියවරක් ලෙස සියලූම මත්පැන් අලෙවිසල්වලට මුද්‍රා තැබීමට ද පසුව පියවර ගන්නා ලදී.

මත්පැන් අලෙවිසල් වසා දැමීම නිසා මේ දක්වා රජයට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි 2000 කට ආසන්න යැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

චමින්ද සිල්වා

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles