Divaina - බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් තොරව අනුරාධපුර පොසොන් පිංකම් අද සිට

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mihinthale1

”ලොව සැම දෙනා සුවපත් වේවා’ යන තේමාව පෙරදැරි කරගෙන 2329 වන පොසොන් මහා පිංකම අනුරාධපුරදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. මෙවරත් එය පැවැත්වෙන්නේ පවතින වසංගත තත්ත්වය හමුවේ බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් තොරවයි.

පොසොන් උත්සව කමිටුවේ සභාපති අනුරාධපුර මහ දිසාපති නීතිඥ ආර්. එම්. වන්නිනායක මහතා ස`දහන් කළේ අටමස්ථානාධිපති නායක ස්වාමීන්වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නයේ අනුදැනුම පරිදි අනුරාධපුර අටමස්ථානය, මිහින්තලය සහ තන්තිරිමලය යන විහාරස්ථානවල ආගමික වතාවත් සංවිධානය කර ඇති බවයි.

ලබන 24 වැනිදාට යෙදී ඇති පොසොන් පොහොය යෙදී තිබේ. ඒ අනුව අද (21දා) සිට 27දා දක්වා පොසොන් සතිය ලෙස ප‍්‍රකාශයට පත්කර ඇත. පොසොන් සතිය තුළ මිහින්තලා පුදබිමෙහි රතන සූත‍්‍ර සජ්ඣායනාවක් පැවැත්වෙයි. එය පවත්වනු ලබන්නේ විහාරස්ථානයේ වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේ විසින්ම වන අතර උන්වහන්සේට දානය පිළියෙල කිරීමද විහාරස්ථානය තුළම සිදුකෙරේ.

මිහින්තලා පුදබිමේ ලේක්හවුස් පොසොන් ආලෝක පූජාව 23, 24 හා 25 යන තෙදින පැවැත්වේ. මෙම ආලෝක පූජා අවස්ථාවන්ට මහා සංඝරත්නය සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වනු ඇති.

වෙනදා මෙන් සිතැ`ගි පරිදි අනුරාධපුර බෞද්ධ සිද්ධස්ථාන වෙත පැමිණ බැතිමතුන්ට වන්දනාමාන කරගැනීමට නොහැකි තත්ත්වයක් හමුවේ මිහි`දු මාහිමියන් සිහිපත් කරමින් සිය නිවෙස්වල සිට ආගමික වතාවත්හි නිරත වන ලෙස මහා සංඝරත්නය සමස්ත ශ‍්‍රී ලංකේය බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටිති.

නොච්චියාගම - එම්. එම්. පී. ජී. පෙරේරා

 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles