Divaina - ග‍්‍රාමසේවා වසම් 24ක් හුදෙකලා කරයි - යුද හමුදාපති

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

savendraඅද (21දා) අලූයම 4 සිට බලපැවැත්වෙන පරිදි දිස්ත‍්‍රික්ක 12ක ග‍්‍රාම නිලධාරී කොට්ඨාස 24ක් හුදෙකලා බවට පත්කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඒ අනුව හෙට අලූයම 4.00 සිට හුදෙකලා බවට පත් කරන ග‍්‍රාම නිලධාරී කොට්ඨාස මෙසේය.

කොළඹ දිස්ත‍්‍රික්කය

දෙමටගොඩ පොලිස් බල ප‍්‍රදේශයේ ආරාමය පෙදෙස සහ 66 වත්ත

ගම්පහ දිස්ත‍්‍රික්කය

බියගම පොලිස් බල ප‍්‍රදේශයේ යටිහේන ග‍්‍රාම නිලධාරී කොට්ඨාසය, මීගහවත්ත පොලිස් බල ප‍්‍රදේශයේ සියඹලාපෙවත්ත ග‍්‍රාම නිලධාරී කොට්ඨාසය සහ කිරිබත්ගොඩ පොලිස් වසමේ නාහේන ග‍්‍රාම නිලධාරී කොට්ඨාසය.

කළුතර දිස්ත‍්‍රික්කය

කළුතර උතුර පොලිස් බල ප‍්‍රදේශයට අයත් මහවස්කඩුව දකුණ සහ කළුතර දකුණ පොලිස් බල ප‍්‍රදේශයට අයත් මිනේරිතැන්න සුනාමි ගම්මානය.

ගාල්ල දිස්ත‍්‍රික්කය

ඉඳුරුව පොලිස් බල ප‍්‍රදේශයේ ගෝනගල ග‍්‍රාම නිලධාරී වසමේ බොල්තුඩුවගම.

මාතර දිස්ත‍්‍රික්කය

වැලිගම පොලිස් බල ප‍්‍රදේශයට අයත් පැලෑන දකුණ ග‍්‍රාම නිලධාරී කොට්ඨාසය.

රත්නපුර දිස්ත‍්‍රික්කය

කොළොන්න පොලිස් බලප‍්‍රදේශයට අයත් දාපනේ ග‍්‍රාම නිලධාරී කොට්ඨාසයත්, රත්නපුර පොලිස් බල ප‍්‍රදේශයේ කැළඳගල ග‍්‍රාම නිලධාරී වසමේ මුල්ලේ කන්ද වත්ත සහ කොට්ටල ග‍්‍රාම නිලධාරී කොට්ඨාසය.

මාතලේ දිස්ත‍්‍රික්කය

මහවෙල පොලිස් බල ප‍්‍රදේශයේ දෙමදඔය, නිකගොල්ල, නිකගොල්ල උතුර ග‍්‍රාම නිලධාරී කොට්ඨාසය, ලග්ගල පොලිස් බල ප‍්‍රදේශයේ කිවුලවාඩිය සහ ගුරුවෙල ග‍්‍රාම නිලධාරී කොට්ඨාසය.

පුත්තලම දිස්ත‍්‍රික්කය

මාදම්පේ පොලිස් බල ප‍්‍රදේශයේ මරක්කලගම ග‍්‍රාම නිලධාරි කොට්ඨාසය.

නුවරඑළිය දිස්ත‍්‍රික්කය

ගිනිගත්හේන පොලිස් බල ප‍්‍රදේශයේ කැරොලිනා වතුයායට අයත් කඩවලවත්ත කොටස.

අම්පාර දිස්ත‍්‍රික්කය

සමන්තුරෙයි පොලිස් බලප‍්‍රදේශයේ නව වලතපිටිය ගම්මානය.

මඩකලපුව දිස්ත‍්‍රික්කය

එරාවුර් පොලිස් බල ප‍්‍රදේශයේ එරාවුර් ග‍්‍රාමනිලධාරී වසම සහ වාලච්චේනෙයි පොලිස් බල ප‍්‍රදේශයේ මීරවෝදී නැගෙනහිර, මීරවෝදි බටහිර සහ මැන්චකෝලායි බදුරිය ග‍්‍රාම නිලධාරී කොට්ඨාසය.

යාපනය දිස්ත‍්‍රික්කය

මනිපායි පොලිස් බල ප‍්‍රදේශයේ සාවට්කඞ්ඩු ග‍්‍රාම නිලධාරී වසම.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles