Divaina - ලක්ෂ 25ක ඔර්ලෝසුව උස්සලා 15,000කට විකුණලා

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ඇන්ටන් ප‍්‍රනාන්දු

 

oralosuwa500
 
 කිරුලපන සුරනිමල පෙදෙස තෙමහල් නිවසකින් රුපියල් විසිපන් ලක්‍ෂ අසු අටදහසක් වටිනා අත ඔරලෝසුවක් රුපියල් 15000 කට අලෙවි කර තිබියදී එම අත්ඔරලෝස්ව සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය කියයි.
 
 එම තෙමහල් නිවසේ දෙවන මහලයේ නාන කාමරයේ ජනේලයකින් ඇතුළුවී ඇති සැකකරු රු.2588800 ක් වටිනා අත් ඔරලෝසුව සමග රු.50000 ක වටිනා කමකින් යුත් අව් කන්නාඩි යුගල දෙකක් හා මුදලින් රු.12000 ක ඉදලත් නිදන කාමරයේ අල්මාරියක් තුළ තැන්පත් කර තිබූ දේපල මෙසේ සොරකම් කර තිබූ බවට එම නිවසේ හිමිකරුවූ ප‍්‍රසිද්ධ කොන්ත‍්‍රාත් සමාගමක හිමි කරුවකු පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශණ වලදී ඉහත සැකකරු කිරුළපන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
 සැකකරු පෙර වැරදි 10 කට වරදකරුවී බන්ධනාගාරගතව නිදහස්ව පැමිණි ලියාපදිංචි අපරාධකරුවකු බවට බව පොලිසිය කියයි.
 
 සිද්ධිය සම්බන්ධයෙන් කිරුලපන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක චන්දන කළුආරච්චි මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පො. ප. ප‍්‍රදීප් එදිරිවීර මහතාගේ මෙහෙයවීම යටතේ උ.පො.ප. චාමික ජයවීර, පො.සැ. ජයවීර, පො.සැ. සනත්, පො. කො. විජයතුංග, පො.කො. කපිල, පුෂ්පකුමාර, චන්දික යන නිලධාරීන් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.

 

 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles