Divaina - එදා රු. දෙකකින් තෙල් මිල වැඩිකළාම මහින්දයි ගෝලයොයි පාර්ලිමේන්තු ආවේ පාපැදියෙන්

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p12 1* සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර

* ආණ්ඩුවට වැඩ බැරිනම් කරුණාකර ගෙදර යන්න - පාරිභෝගිකයා ගොවියා ධීවරයා සහ රටම අනාථයි

අද සියලූ පාරිභෝගික භාණ්ඩවල මිල වැඩි වෙනවා. ආණ්ඩුවට මේවා පාලනය කරගන්න බැහැ. එළවළු ගොවියා අනාථ වෙලා. තව පැත්තකින් ධීවරයා අනාථ වෙලා. ආණ්ඩුව ඩොලර් ගන්න නැවක් ගෙනල්ලා මුළු පරිසරයම විනාශ කළා යැයි සමගි ජන බලවේග මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේය.

මද්දුම බණ්ඩාර මහතා මේ කරුණු අනාවරණය කළේ විපක්ෂනායක කාර්යාලයේ පෙරේදා (12)  පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.එහිදී අදහස් දැක්වූ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙසේද කීය.

මේ ආණ්ඩුව දවසින් දවස ජනතාවගේ කරපිට ජීවන වියදම පටවලා. අද ජනතාව කබලෙන් ලිපට වැටෙන තත්ත්වයට පත්වෙලා. මේ අවස්ථාවේ ඉතිහාසයේ සිට බලන විට වැඩිම මුදලකින් ඉන්ධන මිල වැඩි කර තිබෙනවා. මේ ආණ්ඩුව එදා විපක්ෂයේ ඉද්දි යහපාලන ආණ්ඩුවේ තෙල් සූත‍්‍රයට විවිධ කතා කිව්වා. ලෝක වෙළෙඳපොළ බොර තෙල් මිල ඉහළ පහල යනවිට එය යහපාලන ආණ්ඩුව පාලනය කළා. එසේ කරද්දි එවකට විපක්ෂය ඇහුවේ මොකටද ආණ්ඩුවක් කියලා. අපි අහනවා මේ තෙල් මිල වැඩි කලේ ආණ්ඩුවේ අය රෙදි ඇදගෙනද කියලා. අද වර්තමාන අගමැති එදා විපක්ෂනායක විදියට විවිධ කතා කිව්වා. අද නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු යන ඇමැතිවරු කියනවා ආණ්ඩුවට ඕන තරම් මුදල් තියෙනවා කියලා. එසේ තියෙනව නම් ඇයි තෙල් මිල වැඩි කරන්නේ. අද බඩු මිල ඉහළ ගිහින් ජනතාවට එය ඔරොත්තු දෙන්නේ නැහැ. ආහාර ඇතුළු සියල්ල මිල වැඩි වෙලා. දැන් මේ තෙල් මිල ඉහළ යාම නිසා පාන් ගෙඩියේ සිට සියල්ල මිල වැඩි වෙනවා. ආණ්ඩුවට මේවා පාලනය කරගන්න බැහැ. එළවළු

ගොවියා අනාථ වෙලා. තව පැත්තකින් ධීවරයා අනාථ වෙලා. ආණ්ඩුව ඩොලර් ගන්න නැවක් ගෙනල්ලා මුළු පරිසරයම විනාශ කළා. එහිදී ආණ්ඩුවේ ඇමතිවරයෙක් කිව්වා අපිට ප‍්‍රශ්නයක් නැහැ වන්දිය ලැබෙනවා කියලා. ඒ නැව නිසා අද ධීවර කටයුතු නතර වෙලා. රුපියල් 7කින් භූමිතෙල් මිල වැඩි කළා. අපේ කාලයේ භූමිතෙල් සහනාධාරයක් ලබා දුන්නා. අද ධීවරයට වැඩි මිලට තෙල් ගන්න සිදුවෙලා. මාළු මිල වැඩි වෙනවා. ගොවියාට ට‍්‍රැක්ටර් කුලිය වැඩි වෙනවා. අද ගොවියාට පොහොර ටික නැතුව අසරණ වූ මොහොතක තෙල් මිල වැඩිවීමෙන් ගොවියා තවත් පහලට වැටෙනවා. ගොවියා වතුර ගහන්න මෝටරයට දමන තෙල් මිල වැඩි කරලා. එළවළු මිලත් ඉහළ යනවිට ආණ්ඩුවෙන් අපි අහනවා ගොවියා ආරක්ෂා කරන්නේ මෙහෙම ද කියලා. අදටත් ජනතාවට බඩු මිල දරාගන්න බැහැ. අද ජනතාව ජීවත්වීමේ සටනක යෙදෙනවා. ආණ්ඩුවට මුදල් තියෙන්නේ ගුවන් පාලම් හා අධිවේගී මාර්ග හදන්නයි. ජනතාවගේ ජීවන බර අඩු කරන්න අද සල්ලි නෑ. ආණ්ඩුව මාසයකට ආසන්න කාලයක් සංචරණ නීති දමලා. නමුත් දිනකට 100ක් මැරෙනවා. කෝවිඞ් වසංගතය ආණ්ඩුවට මුදල් හම්බ කරගන්න මේ රටේ දේපල විකුණන්න බඩු මිල තෙල් මිල වැඩි කරන්න යොදාගෙන. වරාය නගරය දුන්නේ දවස් දෙකක සංචරණ නීති දාලා. දින දෙකකට පාර්ලිමේන්තුව ඇරියා. දැන් සෙලන්දිවා එක හරහා කොළඹ තිබෙන වටිනා ඉඩම් ටික විකුණනවා. අද රට වහලා ජනතාව ගෙවල්වලට සීමා කරලා. තෙල් මිල වැඩි කරා රටේ ජනතාවට වෘත්තිය සමිතිවලට එළියට බහින්න අවස්ථාවක් දීල නැහැ. ආණ්ඩුවේ තෙල් ඇමැතිතුමා දන්නේ නැහැ මිල වැඩි කරන බව. ගම්මන්පිල ඇමැතිවරයා තෙල් පිරිපහදුවට තෙල් ආනයනයට කැබිනට් පත‍්‍රිකාවක් ගෙනවා. නමුත් අද බලය තිබෙන්නේ තෙල් සංස්ථාවට. මේ සියල්ල චීනයත් සමග ගනුදෙනු කරන්න ගන්නා උත්සාහයක් බව පෙනීයනවා.

අද මේ අයගේ සාක්කුවට මුදල් යන වාසි ලැබෙන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරන්නේ. බඩු මිල ආර්ථිකය අතින් අන්තිම දිලිදු තත්ත්වයට රට පත්වෙලා. මේ අවස්ථාව ගුවන් පාලම් හදනවාට වඩා දෙයක් කරන්න තියෙනවා. රෝගීන් ගෙවල් වල මැරෙනවා රෝහල් උපකරණ වැඩි කර යුතුයි. ඉදිරියට මිනිස්සු කන්න නැතුව මියයෑමේ අවදානමක් තිබෙනවා. මෙවන් අවස්ථාවක ආණ්ඩුව උත්සාහ කරන්නේ තෙල් මිල වැඩි කරලා එම අයගේ සාක්කු පුරවා ගන්නයි. සංචරණ සීමා අවසන් වුනාම ජනතාව සමග අපි පාරට බහින්න සූදානම් වෙනවා. සංචරණ සීමා ඉවත් කර වහාම ආණ්ඩුව ගෙදර යැවීමේ සටන අපි ආරම්භ කරන බව මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කලේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මහලේකම්වරයා

අපිට මතකයි එදා රුපියල් දෙකකින් තෙල් මිල වැඩි කළ විට මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු  ගෝලයෝ ටික බයිසිකල්වලින් පාර්ලිමේන්තු ආවා. අපි අහන්නෙ අපි මොකෙන් යන්න ද කියලා. ආණ්ඩුවට මේ විදිහට වැඩි කල් යන්න බැහැ. වැඩ බැරිනම් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී මයන්ත දිසානායක මහතා

පසුගිය දිනවල ජනතාව කතා කරේ 14 වන දින රට අරින බවයි. මේ රටේ ජනතාව එය බලාපොරොත්තුවෙන් සිටියා. ඒ පවුලට අවශ්‍ය බඩු මිලට ගන්න රැුකියාවන්වලට යන්න ආදි වැඩ නිසා. නමුත් එක වරම හමුදාපතිතුමා ප‍්‍රකාශ කළා 21 දක්වා සංචරණ සීමා දික් කළා කියලා. ඒත් සමග ඊයේ ඉන්ධන මිල වැඩි කරන්න රජය තීරණය කළා. නමුත් කවදා සිටද එය වලංගු වන්නේ. එය රජයේ ඇමැතිවරුන්ට ප‍්‍රකාශ කරන්න බැරි වෙලා. මේ තීන්දු දෙකම ගත්තේ රට සංචරණ සීමා අතරතුරේ. ආණ්ඩුව දැනගත්තා මේ තීන්දු නිසා ජනතාව කලබල වෙන බව එම නිසා තව සතියක් රට වහන්න තීරණය කළා.

අද හැටනම ලක්ෂයක් ලැජ්ජාවෙන් බිම බලා සිටිනවා. නමුත් මේවා දවසක පලිසන් දෙනවා. එය බෞද්ධ දර්ශනයෙන් පිළිබිඹු වෙනවා. ගෝඨාභය ආණ්ඩුව ෆේල් බව ජනතාව තේරුම් අරගෙන ඉවරයි. ඉදිරියට සජිත් පේ‍්‍රමදාස මැතිතුමාගේ නායකත්වයෙන් ගොඩනැගෙන ආණ්ඩුව එසේ කරන්නෙත් නැහැ. වර්තමාන ආණ්ඩුවේ ක‍්‍රියාකලාපය තරයේ හෙළා දකින බව මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කලේය.

අකිත පෙරේරා
 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles