Divaina - තෙල් මිල වැඩි කිරීම දේශීය ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙළේ එක් ප‍්‍රධාන සාධකයක් - ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයකින් කියයි

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

14 1 8ඉන්ධන මිල වැඩි කිරීම දේශීය ආර්ථිකය ශක්තිමත් කරන පොදු වැඩපිළිවෙළක එක් ප‍්‍රධාන සාධකයක් යැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කරයි.

එම නිවේදනය මෙසේය.

ඉන්ධන මිල ඉහළ දැමීමට ප‍්‍රධාන හේතු ගණනාවක් පිළිබඳ ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අග‍්‍රාමාත්‍යතුමන් හා අදාළ විෂය භාර ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැති ජීවන වියදම් කමිටුව විසින් අවධානය යොමු කරන ලදී.

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල පසුගිය මාස කිහිපය තුළ අඛණ්ඩව ඉහළ යෑම ඉන් එක් ප‍්‍රධාන හේතුවකි. මේ වන විට බොර තෙල් බැරලයක මිල ඇ.එ.ජ.ඩො. 70 ඉක්මවා ඇති අතර, එය තවදුරටත් ඉහළ යනු ඇති බව වෙළෙඳපොළ ප‍්‍රවණතා මගින් පැහැදිලි කරයි.

ශී‍්‍ර ලංකාව ඉන්ධන ආනයන සඳහා අතිවිශාල විදේශ විනිමයක් දරන රටක් පමණක් නොව, එම ආනයනයන් මත රටේ ප‍්‍රවාහන සේවා, විදුලිබල නිෂ්පාදනය හා ඇතැම් කර්මාන්ත ශාලා ද පවත්වාගෙන යන රටක් බවට පත්වී ඇත. 2019 වර්ෂයේ පමණක් තෙල් ආනයනය සඳහා වැය කර ඇති විදේශ විනිමය ඇ.එ.ජ.ඩො. මිලියන 3,677 කි. වාහන ආනයනය නතර කිරීම හා ජාත්‍යන්තර තෙල් මිල ගණන් 2019 දී බැරලයකට ඇ.එ.ජ.ඩො. 68.80 සිට 2020 දී ඇ.එ.ජ.ඩො. 45.57 දක්වා අඩුවීම නිසා 2020 දී මෙම වියදම ඇ.එ.ජ.ඩො. මිලියන 2,325 ට අඩුකර ගැනීමට හැකි වුවද, මේ වන විට පවත්නා මිල ගණන් ඉහළ යෑම නිසා 2021 වර්ෂයේ බැරලයක මිල ඇ.එ.ජ.ඩො. 70 ඉක්මවීම තුළ වාහන ආනයනය තහනම පවත්වා ගෙන ගියද, ඛනිජ තෙල් ආනයනය සඳහා විදේශ විනිමය ඇ.එ.ජ.ඩො. මිලියන  4,000 ක් පමණ වනු ඇත. මෙම වියදම සමස්ත විදේශ විනිමය උපයන අපනයන ආදායමෙන් 1/3 කට ආසන්න වියදමකි.

බීජ, පොහොර, ආහාර, ඖෂධ සහ එන්නත් ආදියද, ආනයනය කරන මෙම ආනයන මත රඳා පවතින පරිභෝජන රටාව, නිෂ්පාදනය මත පරිභෝජනය කරන තත්ත්වයට පරිවර්තනය කළ යුතුය.

විදේශ විනිමය වැය කිරීමට අමතරව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන ආයතනයක් වශයෙන් පැවතීම නිසා සෑම වර්ෂයකම ලංකා බැංකුවෙන් හා මහජන බැංකුවෙන් ණය මත යැපෙන ආයතනයක් වී ඇත. මෙම බැංකු දෙක සඳහා මේ වන විට රුපියල් බිලියන 652 ක ප‍්‍රමාණයක ණය ගෙවීමට ඇත. ලංකා විදුලිබල මණ්ඩලයද රුපියල් බිලියන 85 කට ආසන්න ණය මුදල් බැංකු දෙකට ගෙවීමට සිදුවන බැවින් මේ සඳහා රාජ්‍ය බැංකු දී ඇති ණයවලට භාණ්ඩාගාරය විසින් ඇපකරයන් ද නිකුත් කර ඇති අතර, ණය සඳහා අධික පොලියක් ද ගෙවීමට සිදුව ඇත.

පෞද්ගලික හා පොදු ප‍්‍රවාහන සේවා සඳහා සියයට 60 ක පමණ වන ඉන්ධන භාවිතය අඩු කළ යුතුය. එබැවින් ප‍්‍රවාහනය සඳහා ELECTRIC රථ වාහන මෙන්ම දුම්රිය සේවා හැකිතාක් දුරට විදුලිබලයෙන් කි‍්‍රයාත්මක වන සේවාවන් බවට පත්කළ යුතුය. ඛනිජ තෙල්වලින් ධාවනය වන වාහන ආනයනය මුළුමනින්ම නතර කර ELECTRIC රථ වාහන භාවිතය ප‍්‍රචලිත කිරීමත්, ති‍්‍රරෝද රථ සඳහා ELECTRIC එන්ජින් ලබාදීමත් මගින් ප‍්‍රවාහන පිරිවැය ද ස්ථාවර කරගත හැකිය.

ඉන්ධන භාවිතය අධික වීම නිසා නාගරික ප‍්‍රදේශවල වාතය අපිරිසිදු වීමත්, ජනතාවගේ පෙනහළු ආශී‍්‍රත රෝග වැඩිවීමත් තුළ පරිසර හිතකාමී බලශක්ති මූලාශ‍්‍රවලට කඩිනමින් පිවිසීම අනිවාර්ය වේ. කැලණිතිස්ස තෙල් විදුලි  බලාගාරය LNG විදුලි බලාගාරයක් බවට පත්කර ගැනීමෙන්, විදුලිබල මණ්ඩලය විසින් ඉන්ධන සඳහා ගෙවන අධික මිලද අඩුකරගත හැකිය. දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන හරිත ආර්ථිකයක් කරා වන ජාතික සංවර්ධන වැඩසටහනට අනුව පොහොර, ඉන්ධන, වන සම්පත්, කැළි කසළ ජන ජීවිතයේ ගුණාත්මක භාවය ඉහළ නංවන අයුරින් කළමනාකරණය කළ යුතුය.

එබැවින් මිල වැඩි කිරීමට අමතරව, ආනයනික ඉන්ධන මත රඳා පවතින පරිභෝජන රටාව වෙනස් කිරීමට රජය විසින් යෝජනා රැසක් කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රවේශ වී ඇත.

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ජනනය සඳහා සාමාන්‍ය වශයෙන් සියයට 30 ක පමණ ඉන්ධන භාවිතා කරන බැවින්, එය වළක්වා ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්ති ජනනය කඩිනම් කිරීමට ද රජය කටයුතු කරමින් සිටී. මේ නිසා සෑම නිවසකටම, පාසල්, රෝහල් හා රජයේ ගොඩනැඟිල්ලක් සඳහා සූර්ය තාප විදුලි නිෂ්පාදන කට්ටල ලබාදීම මගින් ජනතාව පිට පැටවෙන අධික මිල ගණන්වල පීඩනය අඩු කිරීම පමණක් නොව එම විදුලි ඒකක විදුලිබල මණ්ඩලයට ලබාදීම මගින් ආදායම් මාර්ගයක් ද ඇති කළ හැකිය.

එබැවින් මෙම මිල ගණන් වැඩි කිරීම දේශීය ආර්ථිකය ශක්තිමත් කරන පොදු වැඩපිළිවෙළක එක් ප‍්‍රධාන සාධකයක් පමණි. එය රටේ බැංකු පද්ධතිය ශක්තිමත් කර අඩු පොලී අනුපාත පවත්වා ගැනීමටත්, විදේශ විනිමය වියදම් අඩුකර විනිමය අනුපාතය ශක්තිමත් කර ගැනීමටත්, ජනතාවගේ සෞඛ්‍ය හා සුබසාධනය සුරක්‍ෂිත කර ගැනීමටත්, ආනයනය මත රඳා පවතින පරිභෝජන ආර්ථිකය, දේශීය නිෂ්පාදන මත රඳා පවතින ආයෝජන හා පරිභෝජන ආර්ථිකයක් බවට පරිවර්ථනය කර ගැනීමටත් ගත් තීරණයකි.

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles