Divaina - මම ප‍්‍රකාශ කළේ රජයේ ස්ථාවරයයි - හැප්පිලා බලමු - ගම්මන්පිල අභියෝග කරයි

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
14 1 udaya1 * තෙල් මිලේ අර්බූදය
 
 චමින්ද සිල්වා
 
 ඉන්ධන මිල සංශෝධනය කළේ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ එක`ගතාව ඇතිව යැයි බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා ඊයේ (13 දා* ප‍්‍රකාශ කළේය.
 
 තමා සිදු කළේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාගර කාරියවසම් මහතා කියන ආකාරයට රජය අපහසුතාවට පත් කිරීමක් නොවන බවත් ජනපති සහ අගමැති වෙනුවෙන් පෙනී සිට ඉන්ධන සංශෝධනයට ගත් තීරණය ප‍්‍රකාශ කිරීම පමණක් බවත් බලශක්ති අමාත්‍යාංශයේ ඊයේ (13 දා* පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් උදය ගම්මන්පිල ඇමැතිවරයා පැවසීය.
 
 සාගර කාරියවසම් මහතා අගමැතිවරයාගේ රුව සහිත පොදුජන පෙරමුණේ ලිපි ශීර්ෂය මගින් තමාට චෝදනා කරමින් ලිපියක් නිකුත් කර ඇත්තේ තමා රජය අපහසුතාවට පත්කිරීමට කටයුතු කරන බවට ඔහු සතුව තොරතුරු ඇති නිසා විය හැකි බවත් ඒවා ඉදිරිපත් කරන ලෙස තමා ඔහුට අභියෝග කරන බවත් ගම්මන්පිල මහතා පැවසීය.
 
 69 ලක්‍ෂයක ජන වරමෙන් පත්වූ ජනාධිපතිවරයා සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස කටයුතු කරන අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රුව සහිත ලිපි ශීර්ෂය යටතේ ලිපියක් නිකුත් කරමින් සාගර කාරියවසම් මහතා අභියෝග කර ඇත්තේ තෙල් මිල සංශෝධනය කිරීමට අනුමැතිය ලබාදුන් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට බවත් එම නිසා ඉල්ලා අස්විය යුත්තේ සාගර කාරියවසම් මහතා බවත් ගම්මන්පිල මහතා කීවේය.
 
 එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනකුම සාගර කාරියවසම් මහතා නිකුත් කළ ලිපිය සම්බන්ධයෙන් දැන නොසිටි බවත් එවැනි ලිපියක් පක්‍ෂයේ ලිපි ශීර්ෂය යටතේ නිකුත් කරනවා නම් ජ්‍යෙෂ්ඨයන් දැනගෙන සිටිය යුතු බව ඔවුන්ද ප‍්‍රකාශ කරන බවත් ගම්මන්පිල මහතා වැඩිදුරටත් කියා සිටියේය.
 
 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles