Divaina - ගෑස් මිලත් වැඩි කරන්න ඉල්ලීම්

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
14 1 gas ශ්‍යාම් නුවන් ගනේවත්ත
 
 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමන ලෙස ගෑස් සමාගම්වලින් පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත ඉල්ලීම් ඉදිරිපත්ව ඇත.
 
 රුපියල් 700 කින් පමණ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නැංවීමක් අවශ්‍ය බවට අදාළ සමාගම් විසින් ඉල්ලීම් කර තිබේ.
 
 දේශීය වෙළෙඳ පොළේ ප‍්‍රධාන ගෑස් සැපයුම්කරුවන් දෙදෙනාද මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති අතර ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති අනිල් කොස්වත්ත මහතා මාධ්‍යට පවසා තිබුණේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයකට රුපියල් 500 කට වැඩි මිල වැඩි කිරීමක් අවශ්‍ය බවයි. එසේම ලාෆ් ගෑස් සමාගමේ සභාපතිවරයා පවසා ඇත්තේ ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ගණන් අනුව, ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 540 කින් වත් ඉහළ දැමිය යුතු බවයි.
 
 එම ඉල්ලීම සඳහා මෙතෙක් රජය අනුමැතිය ලබා දී නැති අතර, ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිලගණන් පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් පස් දෙනකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබේ.

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles