Divaina - තෙල් මිල ඉහළ දමා ආණ්ඩුව තම අමානුෂික ස්වභාවය යළිත් එළිදැක්වූවා - සජිත්ගෙන් නිවේදනයක්

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

14 1 sajithමුළු මහත් ජනතාවම අන්ත අසරණව සිටින මොහොතක ආණ්ඩුව තම අමානුෂික හා වියරු ස්වභාවය යළිත් එළිදක්වමින් තෙල් මිල වැඩිකරමින් මරුප‍්‍රහාරයක් එල්ලකර ඇතැයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද දැක්වේ.

දිනපතා ජනතාවට මරුපහරවල් එල්ල කරන ආණ්ඩුව ඉකුත් 11දා රාත‍්‍රියේ නවතම ප‍්‍රහාරය එල්ලකොට තිබේ. මුළුමහත් ජනතාවම අන්ත අසරණව සිටියදී අවම මානව හැඟීමක් හෝ තිබෙන පාලකයකුට කිසිසේත්ම කළ නොහැකි ලෙස ආණ්ඩුව තෙල් මිල ඉහළ දමමින් තම අමානුෂික මුහුණුවර සහිත වියරු ස්වභාවය යළිත් එළිදක්වා ඇත.

ජීවන වියදම් පිළිබඳව අමාත්‍ය අනුකමිටුව අදාළ තීන්දුව ගත් බව ආණ්ඩුව පවසන අතර මෙවන් ව්‍යසනයක් ඇති මොහොතක තෙල් මිල ඉහළ දමා ජනතාව අන්ත අසරණ කිරීමට ගත් තීන්දුවම සැහැසිය. අශිෂ්ටය.

ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල අසාමාන්‍ය ලෙස පහළ බැස තිබූ පසුගිය වසරේත් ආණ්ඩුව මෙරට තෙල් මිල ඉහළ දැමූ අතර, ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල ඉහළ යනවිට ලංකාවේද තෙල් මිල ඉහළ යන බවත් ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල පහළ යනවිට ලංකාවේද තෙල් මිල පහළ යන බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන එදා කීවේය.

නමුත්, එදා තෙල්මිල අඩුවීමේ වාසියද ජනතාවට නොදුන් ආණ්ඩුවට අද වුවත් තෙල් ලීටරයක් රුපියල් 110ට වඩා අඩු මිලකට ලබා දිය හැකි වුවද දැවැන්ත මාෆියාවක් තුළින් ආණ්ඩුව ඒ වාසියද ජනතාවට අහිමි කොට තිබේ.

තෙල් මිල ඉහළ යෑමත් සමඟ මුළු රටේම ආර්ථිකය ව්‍යාකූල වීම නොවැළැක්විය හැකි අතර පොදු ප‍්‍රවාහන කටයුතුද, බේකරි නිෂ්පාදන මෙන්ම සියලූ ආහාර නිෂ්පාදනයන්හි මිල ගණන් ද ඉතා ඉක්මනින්ම ඉහළ දැමීමට සිදුවනු ඇත. විශේෂයෙන්ම සාමාන්‍ය ජනතාව භාවිත කරන පොදු ප‍්‍රවාහන සඳහා පාවිච්චි කරන ඞීසල් මිල අන් කවරදාටත් වඩා ඉහළ දමා ඇති අතර ආණ්ඩුවේ ජනතා ද්‍රෝහී පිළිවෙත එයින් පැහැදිලි වේ. ඒ අනුව, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙන්ම සියලූ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ගණන්ද ඉහළ යනු ඇත. ඒ සමඟම ඉතා නුදුරේදීම විදුලි බිලද, ජල බිලද ඉහළ යනු ඇත.

දැනටමත් දැඩිව අසරණව සිටින ධීවර ප‍්‍රජාවටද ඉන්ධන මිල ඉහළ දැමීමෙන් මරු පහරක් එල්ල වන අතර, ගොවි ජනතාව, වතු කම්කරු ජනතාව, සුළුපරිමාණ වෙළෙන්දාගේ සිට සමස්ත ජනතාව මේ තීන්දුව හේතුවෙන් බරපතළ ඛේදවාචකයකට හසුවනු ඇත.

මේ වනවිටත් ජනතාව ජීවත් වන්නේ දරාගත නොහැකි ජීවන වියදමකට යටවී වන අතර ආණ්ඩුවේ අලූත්ම තීන්දුවෙන් සිදුවන්නේ එය දෙගුණ තෙගුණ වීමය.

2019 දෙසැම්බර් 01 වැනිදා ධන කුවේරයන්ට අනුකම්පා කොට ආණ්ඩුව බදු සහන ලබාදුන් අතර එයින් රාජ්‍ය බදු ආදායමෙන් 30%ක් රටට අහිමි විය. ආණ්ඩුව විසින් ක‍්‍රියාත්මක කළ ඒ අසාර්ථක බදු ප‍්‍රතිපත්තියෙන් සිදුවූ බරපතළ අත්වැරැුද්ද තෙල් මිලෙන් සඟවා ජනතාව වෙත ඒ බරද පැටවීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටී.

ගජමිතුරන්ට සහන සලසන දැවැන්ත සීනි වංචාවකට, පොල්තෙල් වංචාවකට දොරටු විවර කළාක් මෙන්ම අවසානයේදී මෙරට මහ සයුර පවා වනසා දමන්නට හැකි අනතුරු රටට කැඳවාගත් ආණ්ඩුවකින් ජනතාවාදී තීන්දු බලාපොරොත්තු වීමද විහිළුවකි. බලයට පත්වූදා සිටම මේ ආණ්ඩුව ගත් ජනතාවාදී තීන්දුවක් සොයා ගැනීම පවා දුෂ්කර වන නමුත් ජනතා විරෝධී තීන්දු නම් අප‍්‍රමාණ තිබේ.

බලය ලබා ගන්නාතුරු තමන් තරම් ජනතාවාදී කිසිවෙක් නැති බවට පුරසාරම් දෙඩූ පිරිස අද බලය ලබාගෙන හැසිරෙන ආකාරය පිළිකුල් සහගතය. ජනතාව තුළ එකී පිළිකුල පුපුරා යන මට්ටමට පැමිණ තිබේ.

ඉතිහාසයේ ඛේදනීයම තත්ත්වයක් තුළ අන්ත අසරණව සිටින ජනතාව මෙතරම් කුරිරු ලෙස පීඩාවට පත් කිරීමට තරම් ආණ්ඩුව සාහසික මුහුණුවරක් ගෙන ඇති අතර, මෙරට බිහිවූ දුර්දාන්තම ආණ්ඩුව තමන් බව මේවනවිට අවශ්‍ය තරමටත් වඩා මේ ආණ්ඩුව ඔප්පු කර තිබේ.

අකිත පෙරේරා

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles