Divaina - ඉන්ධන මිල ඉහළ දැම්මේ වෙනත් විකල්පයක් නැති නිසා - අගමැති

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

14 1 mahindaඛනිජ තෙල් සංස්ථාව පාඩු පිට පාඩු ලබමින් ඉන්ධන මිල ඉහළ නොදමා මෙතෙක් කාලයක් පවත්වාගෙන ආ බවත් තත්ත්වය අසීරුවීම නිසා ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවූ බවත් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ‘දිවයින’ට පැවසීය.

මෙය තාවකාලික පියවරක් බවත් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහත ගිය වහාම ශ‍්‍රී ලංකාවේද ඉන්ධන මිල පහත දමන බවත් අගමැතිවරයා කීවේය.

ශ‍්‍රී ලංකාවේ ජනතාව මුහුණ පා ඇති තත්ත්වය ගැන තමා හොඳින් දන්නා බව පැවසූ අගමැතිවරයා මේ මොහොතේ ඉන්ධන මිල ඉහළ දැමුවේ වෙනත් විකල්පයක් නැති නිසා යැයිද පැවසීය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ ලේකම්වරයා ඉන්ධන මිල ඉහළ යෑම පිළිබඳව නිකුත් කර ඇති නිවේදනය ගැන විමසූවිට අගමැතිවරයා පැවසුවේ ඕනෑම කෙනකුට අදහස් පළකිරීමේ අයිතියක් ඇති බවත් එනිසා එය ප‍්‍රශ්නයක් බවට පත්කර නොගන්නා ලෙසය.

නෝමන් පලිහවඩන
 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles