Divaina - ජීඑස්පී සහනය අහිමි වීමේ අවදානමක්

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

gspplusයුරෝපා සංගමයෙන් ලද ජී. එස්. පී. ප්ලස් බදු සහනය අහිමිවීමේ අවදානමක් ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (13 දා* පැවසීය.
 
 විශේෂ ප‍්‍රකාශයක් කරමින් හිටපු අගමැතිවරයා මෙසේද කීය.
 
 යුරෝපා සංගමයෙන් 2017 දී ජී. එස්. පී. ප්ලස් බදු සහනය ලබාගෙන මෙරට ආර්ථිකය වර්ධනය කිරීමට අපේ ආණ්ඩුව කටයුතු කළා. බදු අය කිරීමකින් තොරව යුරෝපයට භාණ්ඩ යැවීමට ලැබුණු අවසරය නිසා ඇ`ගලූම් කර්මාන්තයේත්, ධීවර කර්මාන්තයේත් ලොකු දියුණුවක් ඇතිවුණා.
 
 ශ‍්‍රී ලංකාවට ලැබුණු මෙම ජී. එස්. පී. ප්ලස් බදු සහනය ගැන යුරෝපා පාර්ලිමේන්තුව තුළ අද ප‍්‍රශ්නයක් මතුවී තිබෙනවා. මෙම සහනය නැතිවනු ඇතැයි අපට අවවාද කර තියෙනවා. කොවිඞ් වසංගතය හේතුවෙන් අපේ සංචාරක ව්‍යාපාරය මේ අවස්ථාවේ අවදානමකට ලක්වෙලා, නෞකාවේ ප‍්‍රශ්නයත් සමග අපේ ධීවර කර්මාන්තයටත් ගැටලූ මතුවෙලා. විදේශ රැුකියාවලට යන අය අඩුවෙලා. එම නිසා අපේ විදේශ විනිමය පහත වැටිලා.
 
 විදේශ විනිමය අඩුවීමත් සමග ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන් ශ‍්‍රී ලංකාව, බංගලාදේශයෙන් ඩොලර් මිලියන 200 ක ණයක් ගත්තා. මේ වන විට අපේ ආර්ථිකයට විදේශ විනිමය ගෙන ඒම වෙනුවෙන් ඉතිරිව ඇත්තේ තේ කර්මාන්තය හා ඇ`ගලූම් කර්මාන්තය පමණයි. එවැනි අවස්ථාවක අපිට ජී. එස්. පී. පලස් බදු සහනයත් අහිමි වුණොත් රුපියලේ වටිනාකම බාල්දු වෙලා ඩොලරයකට අපට රුපියල් 300 ක පමණ මුදලක් ගෙවන්න සිදුවේවී. ඒ වගේම රැුකියා දහස් ගණනක් අහිමි වෙන්නත් පුළුවන්.
 
 මතුවී ඇති අවදානම හමුවේ තවදුරටත් දේශපාලනය නොකර ජී. එස්. පී. ප්ලස් සහනය ආරක්‍ෂා කරගන්න වහාම රජය කටයුතු කළ යුතුයි. ජනතාව දරා සිටින දැඩි ආර්ථික බරට තවත් බර එකතු කරන්න එපා. රට විනාශ කරන්න එපා කියලා මම ආණ්ඩුවට කියනවා.


 චමින්ද සිල්වා

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles