Divaina - පොලිතින් කොම්පැණි දෙකක් මාස දෙකක නිෂ්පාදනවලට ගෙන්වූ අමුද්‍රව්‍ය ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නැවේ තිබිලා

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

navenhaniyaරටේ ප‍්‍රධාන පෙළේ පොලිතීන් නිෂ්පාදන සමාගම් දෙකකට සිය නිෂ්පාදන කටයුතු සඳහා මාස දෙකකට සෑහෙන තරම් ප්ලාස්ටික් පැලට්ස් ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නැවේ තිබී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් මේ වනවිට වෙරළ පිරිසිදු කරන කාර්යය මණ්ඩලය විසින් වෙරළට ගොඩගැසූ ප්ලාස්ටික් පැලට්ස් බහාලූම් 40 ක් එකතු කර විනාශ කිරීම සඳහා ගබඩා කර තිබෙන බවත් පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.
 
 ඇමැතිවරයා මේ බව පැවසුවේ ඊයේ (10 දා* මාර්ගගත ක‍්‍රමයට මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
 
 එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා සඳහන් කර සිටියේ ගිනි ගෙන ගිලී ගිය ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නැව තුළ රසායනික ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ වර්ග 193ක් තිබුණු බවට හඳුනාගෙන ඇති බවත් බහාලූම් 1486 ක් වූ මෙම සමස්ත භාණ්ඩ තොගය අතර ප්ලාස්ටික් පැලට්ස් අඩංගු බහාලූම් විශාල ප‍්‍රමාණයක් අන්තර්ගත වී තිබී ඇති බවත් ය.
 
 ”නැව ගිලී යෑම නිසා සාගරයට එක් වූ ප්ලාස්ටික් වෙරළට ගොඩ ගැසූ පසු ඉන් විශාල කොටසක් මේ වන විට එක්රැුස් කර ගෙන තිබෙනවා. තවත් කොච්චර ප‍්‍රමාණයක් සාගරය තුළ මෙන්ම මසුන් විසින් කා දමන්නට ඇද්දැයි අපි දන්නේ නැහැ. අවුරුද්දකට අති විශාල ප්ලාස්ටික් තොගයක් අපේ රටට ගෙන්වනවාද. මින් සියයට 10කටත් අඩු ප‍්‍රමාණයක් තමයි ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන්නේ. අනෙක් ඒවා පරිසරයට එක් වෙනවා” යැයි ද ඇමැතිවරයා පැවසීය.
 
 ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නැව ගිලීයාම නිසා සිදුව ඇති විනාශයට වන්දි ලබා ගන්නවා වගේම ඊට වගකිව යුතු සියලූ දෙනා හඳුනාගෙන දඬුවම් කළ යුතුයි. ජනාධිපතිතුමන් විසින් ලබා දී ඇති උපදෙස් පරිදි දැනටමත් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව විමර්ශන ආරම්භ කර තිබෙනවා. එමෙන්ම මේ සම්බන්ධව දැනටමත් නඩු දෙකක් පැවරීමට කටයුතු කර ඇති බව අධිකරණ ඇමැතිතුමා අමාත්‍ය මණ්ඩල රැුස්වීමේ දී ප‍්‍රකාශ කළා යැයිද ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

 

 ජගත් කණහැරආරච්චි

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles