Divaina - ආණ්ඩුව දේශපේ‍්‍රමි කඩතුරාවට මුවාවී තෙල් පිරිපහදුව ඉන්දියාව ප‍්‍රමුඛ සමාගම්වලට දෙන්න යනවා

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

- ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්

11 vijitha1සිරිමන්ත රත්නසේකර

නව ආයෝජකයන් ගෙන්වා ගැනීමට බව හඟවා ඛනිජ තෙල් පනත සංශෝධනය කර මෙරට ජාතික සම්පතක් වන තෙල් පිරිපහදුව ඉන්දියාව ප‍්‍රමුඛ සමාගම් වෙත පවරා දීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ඊයේ (10 වැනිදා) චෝදනා කර කියා සිටියේය.

විජිත හේරත් මහතා පෙරේදා (09 වැනිදා) පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් මෙසේ පැවසීය.

කොරෝනා වසංගතය අස්සේ ඛනිජ තෙල් සංස්ථා පනත සංශෝධනය කරන්න ආණ්ඩුව සූදානම් වෙනවා. 1969 වසරේ සපුගස්කන්ද පිරිපහදුවෙන් ලබාගත් ආදායමෙන් තෙල් ආනයනයේ වියදමෙන් 25% ක් ඉතිරි කරගත්තා. කොළොන්නාවේ ලිහිසි තෙල් යන්ත‍්‍රාගාරයෙන් ඝන තාර, ඉටිපන්දම්, පොහොර ඇතුළු අතුරු ඵලයන් රැසක් නිෂ්පාදනය කළා. ඒ නිසා ලාභය තවත් විශාල වශයෙන් වැඩිවුණා. ඒ ලාභයෙන් විතරක් එදා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නැව් 3 ක් මිලදී ගත්තා.

1976 දක්වා ලාභ ලබමින් තිබුණා. 76 දී තෙල් ගේන්න ගිය සල්ලිවලින් 45%ක් අතුරු නිෂ්පාදන අපනයනයෙන් උපයා ගත්තා. එවැනි අසීමිත ලාභ ලබන ආයතනයක් හැටියට ඛනිජ තෙල් සංස්ථාව පැවතුණා. මේ කර්මාන්ත ශාලා නිසා විශාල රැකියා ප‍්‍රමාණයක් ලැබී තිබුණා. ඒ නිසා ආර්ථිකයට විශාල දායකත්වයක් දැක්වූවා. නමුත් 1987 එක්සත් ජාතික පක්ෂය ඉන්දියාවත් එක්ක අත්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුමත් එක්ක ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට පවර දීමත් එක්ක පාවාදීම ආරම්භ කළා. එදා ඉන්දියාව රටේ ජාතික ප‍්‍රශ්නයට මැදිහත්වීමෙන් පළාත් සභා පෙන්නලා ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි ටික ලබාගන්න ඒ ගිවිසුම පාවිච්චි කළා. ඒ පළමු පාවාදීමෙන් පස්සේ 2002 වසරේදී නැවත මේ පනත සංශෝධනය කර එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන්ම රජයේ තෙල් ඒකාධිකාරී බලය පුද්ගලික අංශයට පැවරීමේ මුල පිරුවා. එදා 2002 අංක 33 දරන ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත ගෙනත් 61 පනතේ මූලික හරය වෙනස් කළා. ඒ අනුව 61 අංක 28 දරන පනතේ 5කේ., 5ජේ. ආදී වශයෙන් වගන්ති ගණනාවක් සංශෝධනය කළා. ඒ අනුව 2002 අංක 2 දරන බලශක්ති සැපයුම් තාවකාලික විධිවිධාන පනත සම්මත කරගත්තා. මේ ආකාරයට පනත් දෙකක් සම්මත කරගෙන අවුරුදු දෙකක කාලයක් සඳහා බලශක්ති සැපයුම් කමිටුවක් පිහිටුවා ගත්තා.

පවතින තත්වය නිරීක්ෂණය කරලා පුද්ගලික ආයතනවලට ඛනිජ තෙල් ආනයනය, ගබඩා කිරීම සහ විකිණීම සඳහා බලපත‍්‍ර නිකුත් කිරීමේ බලය පැවරුවා. රජය සතුව තිබුණු ඛනිජ තෙල් සම්බන්ධ ඒකාධිකාරයන් පවාදීම මේ සමග ආරම්භ කළා. නමුත් මෙයින් ලැබුණේ තාවකාලික බලයක් විතරයි. අවුරුදු දෙකක් සඳහා කමිටුව පත්කළ නිසා ඒ කාලය තුළ බලපත‍්‍ර 3ක් දීමේ හැකියාව ලබාගත්තා. ඒ අනුව අයි. ඕ.සී. සමාගමට අවුරුදු 20ක කාලයක් සඳහා පමණක් බලපත‍්‍රයක් ලබාදුන්නා. මේ බලපත‍්‍රය දුන්නේ 2003දී. ඒ අනුව 2023දී අවුරුදු 20ක් සම්පූර්ණ වෙනවා.

වර්තමානය වනවිට උදය ගම්මන්පිල මහත්මයා මේ පනතේ සංශෝධනය කරන්න යන්නේ මොනවාද? අරමුණ විදිහට පෙන්වන්නේ මෙතෙක් කල් පැවති තෙල් ආනයනය, අපනයනය, ගබඩා කිරීම, පිරිපහදු කිරීම, බෙදාහැරීම සහ අලෙවිය කියන සියලූ කර්තව්‍යයන් වෙනත් ඕනෑම කෙනෙකුට පැවරීමේ බලය ලබා ගැනීමටයි. කොවිඞ් සංචරණ සීමාවලට ජනතාව කොටුවී තිබියදී ගම්මන්පිල දේශපේ‍්‍රමී කඩතුරාවට මුවාවී මේ දේශද්‍රෝහී පනත් සංශෝධනය ගෙනත් තිබෙනවා. මේ අනුව ඇමතිවරයා අතට ඛනිජ තෙල් සම්බන්ධ සියලූම බලය පවරාගන්න යනවා. ඩොලර් මිලියන 3,000ක ආයෝජනයක් අරගෙන අලූත් ව්‍යවසායකයෙක් එන බව ඇමතිවරයා කියනවා. ඒ නිසා මේ පනත සංශෝධනය කර අලූත් පිරිපහදුවකට අවස්ථාව දිය යුතු බවට පට්ට පල් බොරු කියනවා. අපේ රටේ ජාතික සම්පතක් වෙච්ච තෙල් පිරිපහදුව කොම්පැණිවලට පැවරීමේ බලය ඇමතිවරයා අතට ගන්නවා.

මෙහිදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික වසන්ත සමරසිංහ මහතා මෙසේද පැවසීය.

ලාෆ් ගෑස් සමාගමේ හම්බන්තොට තියෙන ටර්මිනල් එකෙන් 40%ක් රජය ගන්න සූදානම් වෙනවා. මේ පෞද්ගලික සමාගමේ කොටස් ආණ්ඩුව ගන්න යන්නේ ලංකා බැංකුවට සහ මහජන බැංකුවට රු. බිලයන 22.2ක් ණය වී තිබෙන නිසා. ලාෆ් ගෑස් සමාගමේ ණය ගෙවන්න රජයේ සල්ලි යොදවන්න තමයි හම්බන්තොට තියෙන ටර්මිනල් එකෙන් 40%ක් ගන්න යන්නේ. මෙතන තවත් රහසක් තියෙනවා. රජයේ ලිට්‍රෝ ගෑස් සමාගම ගෑස් ගෙන්වන්නේ ලාෆ් ගෑස් සමාගමට වඩා වැඩි මිලකට. ලාෆ් ගෑස් සමාගම මෙ.ටොන් එකක්

ගෙන්වන්නේ ඩොලර් 83කට. හැබැයි ලිට්‍රෝ ගෑස් සමාගම මෙ.ටොන් එකක් ගෙන්වන්නේ ඩොලර් 137කට. රජයට අයිති සමාගමකට මේ අඩු මිලකට ගේනන බැරි ඇයි? තවත් පැත්තකින් ලාෆ් ගෑස් සමාගමේ ටර්මිනල් එකෙන් 51%ක් කොයි වෙලාවකවත් ලිට්‍රෝ ගෑස් සමාගමට ඉල්ලන්නේ නැහැ. එහෙම ඉල්ලන්නේ නැත්තේ මේ ගනුදෙනුව සිදුවෙන්නේ ලාෆ් ගෑස් සමාගමේ ණය ගෙවාගන්න ඕනෑ කරන සල්ලි රක්ෂණ සංස්ථාවෙන් ලබාගන්න පමණයි. අපේ රටේ රක්ෂණ සමාගමට තමයි ලිට්‍රෝ ගෑස් සමාගම අයිති වෙන්නේ. රජයට 51%ක කොටස් ලබාගෙන ලාෆ් ගෑස් සමාගම රජයට පවරාගන්නේ නැත්තේ සහ ලාෆ් ගෑස් සමාගමේ 60% අයිතිය පෞද්ගලික අංශයට තියෙන්න හරින්නේ හිතවතුන්ගේ ගනුදෙනු බේරන්න ජාතික සම්පත් යොදවන නිසයි.

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles