Divaina - කෘෂි රසායන තහනමෙන් ශ‍්‍රී ලංකාව ලෝකයේ සුවිශේෂී රටක් බවට පත්වනවා - පරිසරවේදිනී මහාචාර්ය වන්දනා ශිවා

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

11 indiaජගත් කණහැරආරච්චි

රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය තහනම් කිරීමට ශ‍්‍රී ලංකා රජය ගෙන ඇති තීරණය අනාගතයේදී ශ‍්‍රී ලාංකික ගොවියා සමෘද්ධිමත් කිරීමට සහ ශ‍්‍රී ලංකාව ලෝකයේ සුවිශේෂ රටක් කිරීමට හේතුවන බව ලොව ප‍්‍රකට පරිසරවේදිනියක වන මහාචාර්ය වන්දනා ශිවා මහත්මිය පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ ”සැමට ස්ථිර සමෘද්ධිමත් ආර්ථිකයක් සඳහා පුනර්ජනනීය කාබනික ගොවිතැන” මාතෘකාව යටතේ ජාතික වැවිලි කළමනාකරණ ආයතනය මගින් සංවිධානය කරන ලද මාර්ග ගත සමුළුවක් අමතමිනි.

පස පෝෂණය කරමින් මනුෂ්‍ය වර්ගයාට අවශ්‍ය පෝෂණය සැපයීමට කාබනික පොහොර භාවිතය හොඳම පිළිතුර බවද ඇය මෙම සමුළුවේ ප‍්‍රධාන දේශනය සිදු කරමින් පැවසුවාය.

”පරිසර පද්ධතියේ විවිධත්වය වර්ධනය වනවිට ඵලදාව ඉහළ යනවා. එවිට වගාව රෝග සහ පළිබෝධ උවදුරු සඳහා හොඳින් ඔරොත්තු දෙනවා. ඒ අනුව ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. එසේම කෘෂි නිෂ්පාදන සඳහා අපනයන වෙළෙඳපොළේ හොඳ ඉල්ලූමක් ඇති වෙනවා. රටේ ආර්ථිකයත් ශක්තිමත් වෙනවා.” යැයි ඇය පැවසුවාය.

”වගාවේ ඵලදාවේ කොතරම් ප‍්‍රමාණයක්ද යන්න ගැන පමණක් සිතා කටයුතු කිරීම සාර්ථක නැහැ. අස්වැන්නේ ගුණාත්මක භාවය සහ පෝෂ්‍යදායී තත්ත්වය ගැනයි විශේෂයෙන්ම සලකා බැලිය යුත්තේ’’ යැයිද මෙහිදී වැඩිදුරටත් ඇය කියා සිටියාය. මෙම මාර්ගගත සමුළුව සඳහා ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ සභාපති අශෝක සිරිවර්ධන, එම ප‍්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂ ආචාර්ය ප‍්‍රසාද් ධර්මසේන මහතා ඇතුළු කෘෂිකර්ම ක්‍ෂේත‍්‍රයේ විද්වතුන් පිරිසක් සහභාගි වූ අතර මහාචාර්ය වන්දනා ශිවා මහත්මිය ආරාධිත දේශකයා ලෙස මීට සහභාගි වූවාය.
 

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles