Divaina - එළවළු තොග කුණු මුල්ලේ: පෑලියගොඩ කඳුළු වැටේ... දඹුල්ලට එළවළු ගෙනා ගොවියෝත් හඬා වැටෙති...

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ශ්‍යාම් නුවන් ගනේවත්ත

 

kunumulle
 
 පෑලියගොඩ මැනිං තොග වෙළෙඳපොළ වෙත උඩරට එළවළු තොග විශාල වශයෙන් ලැබී ඇති නමුත් එම එළවළු අලෙවි කර ගත නොහැකිව එළවළු තොග වෙළෙන්දෝ ඊයේ (14දා* බලවත් අපහසුතාවට පත් වූහ.
 
 මේ නිසා එම එළවළු තොග ඉතා අඩු මිල ගණන්වලට විකිණීමට සහ තවත් එළවළු කුණු බක්කිවලට ඉවත දැමීමට ද ඔවුනට සිදුවිණි.
 
 මීට හේතු වී ඇත්තේ සුළු වෙළෙඳුන්ට පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ වෙත පැමිණීමට බලපත් නිකුත් කිරීම සඳහා රජය විධිමත් වැඩපිළිවෙළක් සකස් කර නොතිබීමය.
 
 වැලිමඩ, බණ්ඩාරවෙල, ඌවපරණගම, නුවරඑළිය, හාලිඇල ප‍්‍රදේශවලින් ඊයේ මැනිං වෙළෙඳපොළට ලොරි රථ 46ක් පැමිණ ඇත. එහෙත් සුළු වෙළෙඳුන්ට කොළඹ මැනිං වෙළෙඳපොළ වෙත පැමිණීමට පොලිසිය ඉඩ නොදීම නිසා ඊයේ එළවළු තොග වෙළෙඳාම් කටයුතු මෙසේ බිඳවැටිණි. මෙසේ මැනිං වෙළෙඳපොළේ එළවළු විකුණා ගැනීමට සුළු වෙළෙඳුන් නොමැතිවීම නිසා එළවළු මිල පහත වැටීම හේතුවෙන් උඩරට ගොවීන්ට සිය නිෂ්පාදන සඳහා ලැබිය යුතු අවම මිල හෝ නොලැබෙනු ඇතැයි ද වාර්තා වෙයි.
 
 එසේම රජයේ නිසි වැඩපිළිවෙළක් නොමැති වීමෙන් දඹුල්ල ඇතුළු අනෙකුත් ආර්ථික මධ්‍යස්ථාන මගින් සහ එළවළු තොග වගාබිම් මගින් ද ගොවීන්ගේ එළවළු විකිණීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ.
 
 අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප‍්‍රවාහනයට බාධාවක් නැති බව ආරක්ෂක අංශ ප‍්‍රකාශ කළත් සුළු වෙළෙඳුන්ට කොළඹ මැනිං වෙළෙඳපොළ වෙත පැමිණීමට පොලිසියෙන් ඉඩ නොලැබුණි. පසුගිය වසරේ අපේ‍්‍රල් මාසයේ ද මෙලෙසම රට වසා දැමීමත් සමඟම ගොවියාට එළවළු විකුණා ගත නොහැකි තත්ත්වයක් උද්ගත විණි. එසේම පාරිභෝගික ජනයාට ද එළවළු හා පලතුරු නිසි පරිදි බෙදාහැරීමේ ගැටලූවක් ඇති විය. මේ නිසා එළවළු තොග වගාබිම්වල සහ දඹුල්ල ඇතුළු තොග මධ්‍යස්ථානවල ද විනාශ වන තත්ත්වයක් උද්ගත විය.
 
 පෑලියගොඩ මැනිං වෙළෙඳපොළට ලැබී ඇති එළවළු හා පලතුරු තොග අලෙවි කිරීම සඳහා රජය විසින් නිසි යාන්ත‍්‍රණයක් නිර්මාණය කළ යුතු බව ද එළවළු තොග වෙළෙන්දෝ පවසති.


  ----------------------------------------------------------
 
 දඹුල්ලට එළවළු ගෙනා  ගොවියෝත් හඬා වැටෙති...
  බය වෙන්න එපා: එළවළු ගන්න සැලැස්මක් හැදුවා - ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ
 
 දඹුල්ල - සරත් එරමිනිගම්මන
 
 දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අලෙවි කිරීම සඳහා ඊයේ (14 දා* දිනයේ එළවළු තොග රැුගෙන පැමිණි ගොවීහු දැඩි අපහසුතාවට පත්වූහ.
 
 මේ පිළිබඳව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යූ. බී. ඒකනායක මහතා කියා සිටියේ එළවළු කිලෝ ග‍්‍රෑම් ලක්ෂ අටකට වැඩි ප‍්‍රමාණයක් ගොවින් විසින් ගෙනවිත් තිබූ බවයි. පිටපළාත්වල ගැනුම්කරුවන් නොපැමිණීම නිසා බොහෝ වෙළෙඳ සල් වසා දමා තිබෙන බවත් හෙතෙම කියා සිටියේය.
 
 මේ පිළිබඳව අදාළ බලධාරීන් සමග දහවල් පැවැති සාකච්ඡුාවක දී යුද හමුදාවට එළවළු සැපයුම් කරන පුද්ගලයකු විසින් සුපිරි වෙළෙඳසල් ජාලයක් සඳහා එළවළු තොගයෙන් කොටසක් මිලදී ගැනීමට එකඟතාවය පළ කර ඇති බවත් සෙසු එළවළු තොග මාතලේ දිස්ත‍්‍රික් ලේකම්වරයා විසින් රජයේ මැදිහත්වීම මත මිලට ගැනීම සඳහා පියවර ගැනීමට සැලසුම් කර ඇති බවත් ඒ මහතා පැවසීය.
 
 කෙසේ වෙතත් උදෑසන සිට පැමිණි ගොවීන් විශාල සංඛ්‍යාවක් තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකිව වතුර පොදක් හෝ නොමැතිව ආර්ථික මධ්‍යස්ථානය ඇතුළේ රැුඳී සිටිනු දැකිය හැකිවිය.
 
 ගොවීන්ට ගැටලූ මතු වුවහොත් කෘෂි නිෂ්පාදන කඩිනමින් මිලදී ගැනීම සඳහා දිසාපතිවරුන්ට තමන් උපදෙස් ලබාදුන් බවත් ඒ අනුව නුවරඑළිය, අනුරාධපුර, මාතලේ, පුත්තලම යන දිස්ත‍්‍රික්කවල දිසාපතිවරුන්ට ඊට අදාළ උපදෙස් දී ඇති බවත්, වැලිසර හැර සියලූ ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරන බවත්, කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ අමාත්‍යවරයා සඳහන් කළේය. කිසිදු ගොවි මහතකු සිය අස්වනු අලෙවි කර ගැනීමට නොහැකි *වෙතැයි අනියත බියක් ඇති කරගත යුතු නොමැති බවත් හෙතෙම කීවේය.

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles