Divaina - වැසි ආපදාවලින් මරණ 4 ක්‌.... කුඩාඔය පිටාර ගලා කොටුවූ පවුල් 7 ක්‌ බේරාගන්න හමුදාවෙන් පැය 2 ක මෙහෙයුමක්‌

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

චමින්ද සිල්වා, සිරිමන්ත රත්නසේකර, ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්, සමන් උපුල් පිනිදිය-අකුරැුස්ස
 
 mahawassa250දිවයිනේ දිස්ති‍්‍රක්ක 7කට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් සිව්දෙනකු මරුමුවට පත්වී පවුල් 2750කට අයත් පුද්ගලයන් 11,542 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
 
 මෙම අයහපත් කාලගුණික තත්ත්වය මත නිවාස කීපයකට ද හානි සිදුවී ඇති බව එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා ‘දිවයින’ට ඊයේ (14 දා* පැවසීය.
 
 සිදුවූ මරණ තුනෙන් දෙකක් ගාල්ල දිස්ති‍්‍රක්කයෙන් ද, අනෙක් මරණය කෑගල්ල දිස්ති‍්‍රක්කයෙන් ද වාර්තා වන බවද ඒ මහතා කීය.
 
 පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ කෑගල්ල, ගස්නෑව ප‍්‍රදේශයේ පෙරේදා (13 දා* සිදුවූ නාය යෑමක් හේතුවෙන් පස් කන්දකට යටවී සිටි පුද්ගලයන් දෙදෙනකු මුදාගත්ත ද, ඉන් එක් අයකු මරුමුවට පත්ව සිටි බව යුද හමුදාව පවසයි.
 
 මෙහිදී මුදාගත් අනෙක් පුද්ගලයා හා එම ස්ථානයේම පස් අතර සිරවී සිටි මියගිය පුද්ගලයාගේ මව ද ඉන් මුදාගෙන වරකාපොල රෝහලට ඇතුළත් කිරීමට 611 වැනි බළසේනාවට අයත් 8 වැනි ශී‍්‍ර ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් පියවර ගත්හ.
 
 මේ අතර රුවන්වැල්ල මායින්නොළුව ප‍්‍රදේශයේදී කුඩාඔය පිටාර ගැලීම නිසා ඇතිවූ ගංවතුරකට පවුල් හතරකට අයත් පුද්ගලයන් 13 දෙනකු පමණ කොටුවී තිබිණි.
 
 පසුව ශී‍්‍ර ලංකා යුද හමුදා 8 වැනි ශී‍්‍ර ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් මැදිහත්වීමෙන් ඔවුන් මුදාගත්හ.
 
 ඒ අතර කුඩා දරුවන් ද සිටි බව යුද හමුදාව පවසයි.
 
 පෙරේදා (13 දා* මධ්‍යම රාති‍්‍රයේ සිදුකෙරුණු මෙම මෙහෙයුමට පැය 2කට අධික කාලයක් ගතවිය.
 
 මේ අතර කොළඹ - රත්නපුර මාර්ගයේ අවිස්සාවේල්ල නගරය මගහැර යෑමට ඇති මාර්ගයට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් එහි වාහන ගමනාගමනයට ඊයේ (14 දා* බාධා එල්ල විය.
 
 මේ හේතුවෙන් අවිස්සාවේල්ල බස් නැවතුම්පළ හරහා ඇති මාර්ගය හරහා ගමන් කරන ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර තිබිණි.
 
 මේ අතර ගාල්ල, මාතර, සහ කළුතර යන දිස්ති‍්‍රක්ක සඳහා නාය යෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ.
 
 ගතවූ පැය 24 දී මිලිමීටර් 150 ඉක්ම වූ වැසි පැවතීම හේතුවෙන් එම ප‍්‍රදේශ සඳහා නාය යෑමේ රතු නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.
 
 ඒ අනුව ගාල්ල දිස්ති‍්‍රක්කයේ නියාගම, නෙලූව, ඇල්පිටිය, බද්දේගම, තවලම, ගාල්ල සහ යක්කලමුල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත්, මාතර දිස්ති‍්‍රක්කයේ පිටබැද්දර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් නාය යෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ.
 
 මීට අමතරව කළුතර දිස්ති‍්‍රක්කයේ පාලින්දනුවර, අගලවත්ත, වලල්ලාවිට, මතුගම, දොඩන්ගොඩ, ඉංගිරිය, යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද නාය යෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බවද එම ආයතනය කියයි.
 
 එමෙන්ම, කොළඹ, කෑගල්ල සහ රත්නපුර යන දිස්ති‍්‍රක්ක සඳහා ද නාය යෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන ද නිකුත් කර ඇත.
 
 ඒ අනුව කොළඹ දිස්ති‍්‍රක්කයේ සීතාවක, රත්නපුර, දිස්ති‍්‍රක්කයේ ඇහැලියගොඩ, කෑගල්ල දිස්ති‍්‍රක්කයේ වරකාපොල සහ දෙහි ඕවිට, රත්නපුර දිස්ති‍්‍රක්කයේ ඇලපාත, අයගම, කලවාන, කුරුවිට, නිවිතිගල, රත්නපුර සහ කිරිඇල්ල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත.
 
 අයහපත් කාලගුණය හේතුවෙන් ප‍්‍රදේශ කීපයක සුළු ගංවතුර තත්ත්වයක් ද වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා ‘දිවයින’ට පැවසීය.
 
 කැලණි ගඟ සහ කළු ගඟ ආශි‍්‍රතව ද සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බවද හෙතෙම කීය.
 
 අත්තනගලූ ඔය ජල මට්ටම හා කැලණි ගෙඟ් නාගලගම්වීදිය ජල මට්ටම වැඩි වෙමින් තිබෙන බවද හෙතෙම කීය.
 
 මේ නිසා කැලණිය හා කඩුවෙල ජනතාවට අවධානයෙන් පසුවන ලෙස ද හෙතෙම ඉල්ලා සිටියේය.
 
 එසේම කළු ගෙඟ් මිල්ලකන්ද ප‍්‍රදේශයේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇතැයි ද හේ සඳහන් කළේය.
 
 එසේම පවතින කාලගුණ තත්ත්වය හමුවේ තවලම, හිනිදුම, නාගොඩ යන ප‍්‍රදේශවල පිහිටි පහත් බිම් රැුසක් ජලයෙන් යටවී ඇතැයි ද හේ කියා සිිටියේය.
 
 මේ අතර යම් තොරතුරක් දැනගැනීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථන අංකය ජනතාවට විවෘත බව ද ඒ මහතා සඳහන් කළේය.
 
 අවසන් වූ පැය 24ක කාලය තුළ දිවයිනේ වැඩිම පර්ෂාපතනය අගලවත්ත ප‍්‍රදේශයට ලැබී ඇතැයි කාලගුණ විiා දෙපාර්තමේන්තුව පවසයි.
 
 එය මිලිමීටර් 336 කි.
 
 එසේම ගාල්ල පෝද්දිවෙල ප‍්‍රදේශයට මිලිමීටර් 332.2 ක් ද, කැටන්දොල ප‍්‍රදේශයට මිලිමීටර් 318.2ක වර්ෂාපතනයක්ද ලැබී ඇත.
 
 මීට අමතරව හිනිදුම ප‍්‍රදේශයට මිලිමීටර් 292ක වර්ෂාපතනයක්ද, අවිස්සාවේල්ල තල්¥ව ප‍්‍රදේශයට මිලිමීටර් 248ක වර්ෂාපතනයක් ද ලැබී ඇතැයි ද කාලගුණ විiා දෙපාර්තමේන්තුව කියයි.
 
 මේ අතර ගාල්ල, උඩුගම අලූත්වත්ත ප‍්‍රදේශයේදී ගිංගඟට සම්බන්ධ ඇළ මාර්ගයක පාලමක් මතින් ගමන් කරමින් සිටියදී සැඩ පහරකට හසුව අතුරුදන්වූ 32 හැවිරිදි තරුණයාගේ සිරුර ඊයේ (14 දා* දහවල් සොයාගත් බව පොලිසිය කියයි.
 
 එසේම ගිනිගත්හේන, පොල්පිටිය, මාදෙනියාවත්ත ප‍්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් මවක් හා දියණියක් තුවාල ලබා ඊයේ (14 දා* අලූයම රෝහල්ගත කර තිබේ.
 
 එසේම කොළඹ - කුරුණෑගල මාර්ගයේ යාන්ගල්මෝදර දුම්රිය හරස් මාර්ගයට ඊයේ (14දා* පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල විය.
 
 මේ අතර බියගම - කැලණිය මාර්ගයේ පට්ටිවිල මංසන්ධිය වැසි ජලයෙන් යටවීම හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ලවිය.
 
 වර්ෂාපතනයත් සමග කැලණි, කළු, ගිං, නිල්වලා, අත්තනගලූ ඔය සහ මාඔයේ ජල මට්ටම් තවදුරටත් ඉහළ අගයක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විiා හා අනාවැකි අංශයේ අධ්‍යක්‍ෂ එස්. පී. ඞී. සුගීශ්වර මහතා කීය.
 
 එමෙන්ම දැදුරුඔය, උඩවලව, තබ්බෝව, ලක්‍ෂපාන, නෝර්ටන්බි‍්‍රජ් සහ කැනියොන් යන ජලාශ වාන් දමමින් පැවතිණි.
 
 මේ අතර ගාල්ල උඩුගම ප‍්‍රදේශයේ ගිංගඟ පිටාර ගැලීමෙන් ආපදාවට පත්ව සිිටි පුද්ගලයන් 6 දෙනකු බේරා ගැනීමට නාවික හමුදා සහන කණ්ඩායම සමත් විය.
 
 මෙහිදී 13 වැනිදා රාති‍්‍රයේ ගිං ගෙඟහි ජල මට්ටම ඉහළ යෑමෙන් ගාල්ල උඩුගම ප‍්‍රදේශයේ ඇතිවූ ගංවතුර තත්ත්වය හමුවේ ගිං ගෙඟ් පාරුවක් පෙරළී යෑමෙන් සැඩ ජල පහරට හසුව ගසාගෙන ගොස් ගසක රැුඳී සිටි පිරිමි පුද්ගලයන් තිදෙනකු සහ එක් කාන්තාවක් ද, ගංවතුර හේතුවෙන් නිවසක කොටුවී සිටි එම ප‍්‍රදේශයේම තවත් කාන්තාවන් දෙදෙනෙක් ගාල්ල උඩුගම ප‍්‍රදේශය වෙත අනුයුක්ත කර සිටි නාවික හමුදා ක්‍ෂණික ප‍්‍රතිකාර මුදා ගැනීමේ හා සහන ඒකකයට අයත් සහන කණ්ඩායම් විසින් බේරා ගැනීමට කටයුතු කරනු ලැබීය.
 
 මේ වනවිට පවතින ගංවතුර අවදානම් තත්ත්වය හමුවේ කළු, ගිං සහ නිල්වලා යන ගංගාවල ජල මට්ටම් ඉහළ යෑම හේතුවෙන් ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයකදී අවශ්‍ය සහන සැලසීම සඳහා කළුතර දිස්ති‍්‍රක්කයේ පරගොඩ බුලත්සිංහල සහ වලල්ලාවිට ප‍්‍රදේශ ආවරණය වන පරිදි සහන කණ්ඩායම් 3ක් ද, ගාල්ල දිස්ති‍්‍රක්කයේ උඩුගම, තවලම, නාගොඩ සහ බද්දේගම ප‍්‍රදේශ ආවරණය වන පරිදි සහන කණ්ඩායම් 6ක් ද, මාතර දිස්ති‍්‍රක්කයේ අතුරලිය ප‍්‍රදේශය ආවරණය වන පරිදි සහන කණ්ඩායමක් ද වශයෙන් නාවික හමුදා සහන කණ්ඩායම් 10ක් ස්ථානගත කිරීමට මේ වනවිට කටයුතු කර තිබේ.
 
 එමෙන්ම පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මහජනතාවට සහන සැලසීමට අවශ්‍යතාව මත කඩිනමින් කි‍්‍රයාත්මක වීම සඳහා සහන කණ්ඩායම් යෙදවීමට නාවික හමුදාව සූදානමින් සිටියි.
 
 කැලණි ගඟ ජල මට්ටම ශීඝ‍්‍රයෙන් ඉහළ යෑම නිසා කොළඹ වත්තල, බියගම, කොලොන්නාව, කඩුවෙල, සීතාවක, දොම්පේ, රුවන්වැල්ල සහ දෙහි ඕවිට ප‍්‍රදේශවල ග`ග දෙපස පහත් බිම්වල ජනතාව අවධානයෙන් සිටිය යුතු බවට එම මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.
 
 මේ අතර නිල්වලා ගඟ පිටාර ගලා ඇති අතර 14 (ඊයේ* අලූයම් කාලයේ සිට අකුරැුස්ස සහ ඒ අවට සියලූම අතුරු මාර්ගයන් ජලයෙන් යටවී පවතියි.

 


 
 

 

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles