Divaina - ඔස්ටේ‍්‍රලියා සිහිනය ඉරණවිලදී කඩාවැටේ

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

අමරනන්ද විජේසේකර - මහවැව
 
 sihinayaමුහුදු මාර්ගය ඔස්සේ ඔස්ටේ‍්‍රලියාවට යෑමේ අරමුණින් හලාවත, ඉරණවිල ප‍්‍රදේශයේ නිවසක රහසිගතව සැඟව සිටි පුද්ගලයන් 29 දෙනකු අත්අඩංගුවට ගැනීමට ශ‍්‍රී ලංකා නාවික හමුදාව සමත් විය.
 
 ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි අංශවලට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.
 
 ඉකුත් 13 දා පස්වරුවේ මෙම වැටලීම සිදු කරන අවස්ථාවේ ඉරණවිල ප‍්‍රදේශයේ නිවසක සෝදිසි කිරීමට යෑමේදී එම නිවසේ මේ පුද්ගලයන් සිට ඇති අතර නාවික හමුදාව ඔවුන් පරීක්ෂා කිරීමට පෙර ලද තොරතුරක් මත ඔවුන් නිවසින් පලාගොස් තිබිණි.
 
 මේ සමග වහා ක‍්‍රියාත්මක වූ නාවික හමුදා නිලධාරීන් ඉරණවිල  ගම්වැසියන්ගේ හා හලාවත පොලිසියේ සහාය ඇතිව පැයක් ඇතුළත පුද්ගලයන් 14 දෙනකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ. අනෙක් පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (14 දා* අලූයමයි.
 
 ඔවුන් සති කීපයක් මේ නිවසේ ගතකර ඇති බව වාර්තා වන අතර මොවුන් යාපනය, මඩකලපුව, මුලතිව්, වැල්ලවාය ඇතුළු දිවයිනේ ප‍්‍රදේශ කීපයක පදිංචිකරුවෝ වෙති.
 
 ගමන් මළුවල මාසයකට පමණ ප‍්‍රමාණවත් බිස්කට්, බෙහෙත් වර්ග ඇතුළු ඇඳුම් පැළඳුම් තිබී ඇත. අත්අඩංගුවට පත් පිරිස වැඩිදුර ප‍්‍රශ්න කිරීම සඳහා හලාවත පොලිසියට භාර දී තිබේ.

 

 

 

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles