Divaina - ලක්‍ෂ 210 ක් ඉන්න රටේ එන්නත් තිබෙන්නේ ලක්‍ෂ 14යි - චීන එන්නත සායනික පරීක්‍ෂණවලින් සනාථ වී නැහැ - පාර්ලිමේන්තු මන්ත‍්‍රී දොස්තර රාජිත සේනාරත්න

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

poli19 2ලෝකයේ අනෙකුත් රටවල් ජනගහනයට වඩා එන්නත් ඇනවුම් කරද්දී අපේ රට එසේ නොකළ අතර යන්තමින් එන්නත්කරණය කළත් ඊට දැන් ප‍්‍රමාද වැඩියි යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (12 දා) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මන්තී‍්‍රවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කීය.

අද වනවිට ශී‍්‍ර ලංකාව බරපතළ තත්ත්වයට පත්වෙලා. දිනකට 200කට අධික මරණ සංඛ්‍යාවක් ඉදිරියේ විය හැකි බව විශේෂඥයන් පෙන්වා දෙනවා. එය විදෙස් රටවලින් හා ඇමරිකාව අනතුරු අඟවා තිබෙනවා. අපි අහනවා එයට රජය සූදානම් ද කියලා. මුලින් කිව්වා වයස් කාණ්ඩය අනුව එන්නත ලබා දෙනවා කියලා. නමුත් නව වෛරස ප‍්‍රභේදය වඩාත් බලපාන්නේ තරුණ ප‍්‍රජාව හා කුඩා දරුවන්ට බව වෛද්‍ය අංශ පෙන්වා දෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරි සංගමය විසින් තිබෙන තත්ත්වය ගැන ජනාධිපතිට ලිපියක් ලබා දීලා. එම සංගම් මේ වනවිට රටේ තත්ත්වය හොඳින්ම දන්නා අය. එම සංගමය කියනවා වෛරසය ඉතාම සීග‍්‍රයෙන් රටපුරා පැතිරෙන බව. මේ වනවිට ලංකාවේ සියලූම අයිසීයූ ඇඳන් පිරී ඇති බව එම ලිපියෙන් පෙන්වා දී තිබෙනවා. තරුණ අය අතරේ විශාල පැතිරීමක් තිබෙනවා. මෙම නව වෛරස ප‍්‍රභේදය අනෙත් වෛරස තුළින් හැදුනු එකක්. එය එන්නතට මොනතරම් බලපානව ද යන්න තවමත් නිවැරැුදිව කියන්න බැහැ.

කොවිඞ් වෛරස ප‍්‍රභේද හතයි ලෝකයේ සොයාගෙන තිබෙන්නේ. එයින් 06ක්ම මේ වනවිට අපේ රටේ තිබෙනවා. එසේ නම් වැක්සීන් කොයිතරම් දුරට සාර්ථකද තවම සොයාගෙන නැහැ. වෛද්‍ය සංගමයේ සභාපති පද්මා ගුණරත්න මහත්මිය විශේෂ පැහැදිලි කිරීමක් කර තිබෙනවා. එය එන්නත්කරණය ගැනයි. මෙය රෝග ලක්ෂණ රහිත වෛරසයක්. කිසිදු ලක්ෂණයක් නොපෙන්වා හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති වෙන්නේ. ඒ වනවිටත් වෛරස පෙණහලූවලට පැතිරී අවසන්. පසුව නිව්මෝනියා තත්ත්වයේදී තමයි කොවිඞ් බව අඳුර

ගන්නේ. ඒ වගේම තමයි දෛනිකව වාර්තා වන දත්ත නිවැරැුදි දැයි සැකයක් තිබෙනවා. ඉදිරියේදී සෞඛ්‍ය ක්ෂෙත‍්‍රය විශාල කඩා වැටීමට ලක්විය හැකියි. දැනටත් පීසීආර් පරීක්ෂණ 21,000ක් ලැබ්වල හිරවෙලා. ග‍්‍රාම නිලධාරි වසම් මට්ටමින් මෙය පාලනය කරන්න බැහැ. අද එන්නත්කරණය අසාර්ථකයි. එන්නතක් ප‍්‍රතිඵල ලැබෙන්න මාසයක් ගතවෙනවා. දැන් එන්නත ප‍්‍රමාද වැඩියි.

ලෝකයේ අනිත් රටවල් පාලනය කරේ රට හුදකලා කරලා. එය දැන් සාර්ථක වෙලා තිබෙනවා. මේ ගැන විශේෂඥවරුන්ගේ සංගමය විසින් පැහැදිලි කිරීමක් කර තිබෙනවා. ප‍්‍රතිකාර කිරීමට වඩා පැතිරීම වළක්වා ගත යුතුයි. එම නිසා ලොක්ඩවුන් කිරීම අනිවාර්ය වෙනවා. අපි මුල් රැුල්ලේ දී කිව්වා රට වහන්න කියලා. ජනාධිපතිතුමා කිව්වා කොරෝනා 28කදී රට වහන්න පුළුවන් ද කියලා. පසුව එතුමාටම රට වහන්න වුණා. මේ රජයේ සියලූ තීන්දු ගන්නේ ප‍්‍රමාද වෙලා. එසේ ගන්නේ වෛද්‍ය අංශ ලබා දෙන තීන්දු නොවෙයි දේශපාලන තීන්දුයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලිව කියනවා අභියෝග අත ළඟයි. ඉක්මනින් එයට තීන්දු තීරණ ගන්න කියලා. ආසාදිතයන් ඉදිරියට වැඩි වෙන බවත් එම සංවිධානය පෙන්වා දී තිබෙනවා. නමුත් රජය තවමත් එයට ක‍්‍රියාමාර්ග ගෙන නැහැ. මහාචාර්ය චන්න ජයසුමන මහත්තයා පිළිගෙන තිබෙනවා අයිසීයූ ඇඳන් 38 තිබුණේ වෙන්ටිලේටර් අවශ්‍යයි. යහපාලනය කාලේ වැඩි කර වෙන්ටිලේටර් පමණයි. නැවත මේ රජය එය වැඩි කර නැහැ. මේ රජය සෞඛ්‍ය ක්ෂෙත‍්‍රය වෙනුවෙන් ලබා දී තිබෙන ප‍්‍රමුඛතාව අඩුයි.

මේ රටේ නව එංගලන්ත වෛරස ප‍්‍රභේද තිබෙන බවට වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා අපේ‍්‍රල් 08 දැනුවත් කරා. රජය ගත්ත ක‍්‍රියාමාර්ග මොනවාද? කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. අද ඇත්ත තත්ත්වයට සෞඛ්‍ය අමාත්‍යාංශය කමිටුවේ කතා කරන්න බැරි බව නිලධාරින් කියනවා. එහි වෛද්‍යවරුන් නෙමෙයි කතා කර තීන්දු ගන්නේ දේශපාලනය කරන අයයි. වෛරස පිළිබඳව උපාධියක් කරපු මහාචාර්ය තිස්ස විතාරණ මහත්තයා තවම කිසිදු රැුස්වීමකට කැඳවා නැහැ. එතුමා අද ඒ ගැන කනගාටු වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිටින දක්ෂයන්ගෙන් උපදෙස් ලබා ගන්නේ නැහැ. එහි සිටින්නේ රාජිත සේනාරත්නගේ අය කියනවා.

එන්නත විසඳුම බව ජනාධිපතිතුමා කිව්වත් එන්නත් තිබෙන්නේ ලක්ෂ 210ක් ඉන්න රටේ තවම ලක්ෂ 14යි. අපේ රට තමයි එන්නත්කරණයේ පළමු තැනට තිබුණේ. චීනයේ එන්නත හදිසි අවස්ථාවකදී ලබා දෙන්න අනුමත කර තිබෙනවා. එය සායනික පරීක්ෂණයකින් සනාථ වෙලා නැහැ. අද ලෝකයේම එන්නත් හිඟයක් තිබෙනවා. කොවිඞ් විවාදයේදී අපි කිව්වේ එන්නත ඇනවුම් කරන්න, ප‍්‍රමාද වී ඇනවුම් කරාම 2022 දී තමයි එන්නත ලැබෙන්නේ කියලා. ඒ කිසි දෙයක් ආණ්ඩුව කළේ නැහැ.

ලෝකයේ අනිත් රටවල් ජනගහනයට වඩා එන්නත් ඇනවුම් කරලා. අපේ රට එසේ කර නැහැ. දැන් ජනාධිපතිතුමා ලෝක සෞඛ්‍ය සංවිධානයට කතා කරනවා. රජය දැන් ඇස්ට‍්‍රාසෙනිකා කලවම් කර ජනතාවට ලබා දෙන්න හදනවා. එය සායනික පරීක්ෂණ කර නැහැ. විපක්ෂය පෙන්වා දුන් මුල් අවස්ථාවේ එන්නත් මිල ගණන් අඩුයි. දැන් හැම රටකම එන්නත් මිල වැඩියි. මිල අඩු කාලයේ ගත්තේ නැහැ. දැන් වැඩි මිලට ගන්න යනවා. එදා මට කිව්වා රුසියාවෙන් බාල බෙහෙත් ගෙනාව කියලා. එසේ කියපු එදා විපක්ෂය අද රුසියානු එන්නත ගෙන්වනවා.

කොවිඞ් අරමුදලේ මුදල් පාලනය ගැන විනිවිදභාවයක් නැහැ. විශාල මුදලක් එම අරමුදලේ තිබෙනවා. අපේ රට කොවිඞ් එක බිස්නස් එකක් කරගෙන. අපි දැක්කා මෙවැනි භයානක අවස්ථාවක ජිම් හදන්න සූදානම් වන බව. එය ජෝර්ජ් ස්ටුවර්ට් හරහා කරන්න හදන්නේ එය කොමිස් ලබා ගන්න පුළුවන් ව්‍යාපෘතියි.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා:

මේ අවස්ථාවේ රටේ කොරෝනා උවදුර උග‍්‍ර වෙලා. මුල් රැුල්ල ජනතාවගේ කැපවීම නිසා පාලනය වුණා. රජයේ වැඩපිළිවෙළ නිසා නැවත දෙවැනි රැුල්ලක් නිර්මාණය වුණා. සිංහල අවුරුද්දට පසුව නැවතත් ඉතාම නරක තත්ත්වයට පත්වෙලා. පරීක්ෂණ ප‍්‍රමාණයෙන් වැඩි ප‍්‍රමාණයක් රෝගීන් බවට තහවුරු වෙනවා. මියයන ප‍්‍රමාණයත් වැඩිවෙමින් යනවා. එය ඉතාම නරක තත්ත්වයක්. තවමත් රජය මේ වෙනුවෙන් නිසි ලෙස ක‍්‍රියාත්මක වූ ආකාරයක් පෙනෙන්නේ නැහැ. වෙන්ටිලේටර් වැඩි කර නැහැ. ඔක්සිජන් ධාරිතාව වැඩි කර නැහැ. එවැනි ප‍්‍රශ්න රාශියකට රට මුහුණ දීලා. ත‍්‍රිවිධ හමුදාව විසින් ඇඳන් 10,000 ක් හදලා තියෙනවා. ඒ ගැන අපි සතුටු වෙනවා.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ. සී. අලවතුවල මහතා -

රජය මුල සිටම කටයුතු කරේ වගකීම් විරහිතවයි. කොරෝනා රටට එන්න ප‍්‍රථම විපක්ෂනායකතුමා අවදානම ගැන කිව්වා. රජය එය දැක දැක පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට ගියා. ලෝක සෞඛ්‍ය සංවිධානය හා වසංගත රෝග විශේෂඥයන්ගේ උපදෙස් ක‍්‍රියාත්මක කරන්න කිව්වම කොරෝනා 28ක් තිබුණම රට වහන්න පුළුවන් ද ඇහුවා. අපේ රට දිවයිනක් අද බොහෝ රටවල් ආරක්ෂිත වෙලා තිබෙනවා. එය තායිවානය නවසීලන්තය වැනි රටවල්ය. වෙනත් රටවල්වලට වෛරස මුලින් ආපු ආකාරය අපි දුටුවා. එය හොදින් අවබෝධ කර ගන්න රජයට හැකියාව තිබුණා.

අපි එන්නත ගැන කතා කරාම ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන් අපිට හිනා වුණා. ඇහුවා රටේ මීයො ද පූසොද ඉන්නේ කියලා. රටට අවශ්‍ය එන්නත් වෙන් කරගත්තේ නැහැ. එසේ කරා නම් රටේ සියලූ දෙනාට එන්නත ලබා දෙන්න තිබුණා. අපේ සෞඛ්‍ය ඇමැති මුට්ටි ගඟට දාලා පැණි ජනගතකර බිව්වා. රජයේ අය පැණිය ව්‍යාප්ත කරන්න විශාල උත්සාහයක් ගත්තා. එහිදී ජනතාව විශාල ලෙස රැුවටුණා.

දැන්වත් දේශපාලන තීන්දුවලින් බැහැර වෙලා වෛi විශේෂඥයින්ගේ උපදෙස් අනුව ක‍්‍රියා කරන ලෙස ඉල්ලා සිටිනවා. මුල් රැුල්ලේ දී හොඳින් පාලනය කළ වෛද්‍ය අනිල් ජාසිංහ, පබා පලිහවඩන යන නිලධාරීන් අද නැහැ.

අකිත පෙරේරා

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles