Divaina - එක එන්නතක් ලබාගත් අයට දෙවැනි මාත‍්‍රාව වෙනත් එන්නතකින් ලබාදීමට අවසර දී නැහැ - රාජ්‍ය ඇමැති සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

sudarsaniඇස්ට‍්‍රාසෙනිකා කොවිෂීල්ඞ් එන්නත ලබාගෙන සිටින අයට ඒ වෙනුවට වෙනත් එන්නතකින් දෙවැනි මාත‍්‍රාව ලබාදීමට මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අවසරයක් ලබාදී නැතැයි ප‍්‍රාථමික සෞඛ්‍ය සේවා හා කොවිඞ් පාලනය පිළිබඳ රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඊයේ (12දා) පැවසුවාය.

මේ වනවිට එක එන්නතක් ලබාදී දෙවැනි මාත‍්‍රාව වෙනත් එන්නතකින් ලබාදීමේ හැකියාවක් පවතිනවාද යන්න ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පරීක්ෂණ සිදුකරන බවත් ඒ සම්බන්ධයෙන් අවසන් ප‍්‍රතිඵලය ඉදිරි සති දෙක තුන ඇතුළත එම සංවිධානය විසින් ප‍්‍රකශයට පත්කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද රාජ්‍ය ඇමැතිවරිය ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (12 දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවාය.

රාජ්‍ය ඇමැතිවරිය වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ද පැවසුවාය.

අපේ රට තුළ එංගලන්ත කොරෝනා වෛරස් ප‍්‍රභේදයට සමාන වෛරස් ප‍්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් යන බවට වාර්තා වනවා. අලූත් අවුරුද්දෙන් පසු පෙරේදා (11 දා) රාතී‍්‍ර 10.00 වනවිට කොරෝනා රෝගීන් 31,616 ක් වාර්තා වී තිබෙනවා. මේ තෙවැනි ව්‍යාප්තිය, දෙවැනි කොරෝනා ව්‍යාප්තියට වඩා වේගයෙන් පැතිර යන බව පෙනී යනවා. ඒ වගේම රෝගීන් වැඩිපුර රෝහල්වලට ඇතුළත් වීම, ඔක්සිජන් වැඩිපුර අවශ්‍ය වීම, සංකුලතා ඇති රෝගීන් හමුවීම වැනි දේ දක්නට ලැබෙන නිසා ජනතාව හැකිතාක් නිවෙස්වලම රැුඳී සිටින්න කියා ඉල්ලා සිටිනවා.

නිවසින් බැහැර වෙනවා නම් නිවසෙන් එක් අයෙක් පමණක් යෑමට කටයුතු කරන්න. මුව ආවරණ, සර්ජිකල් මුව ආවරණයට අමතරව තවත් මුව ආවරණයක් (දෙකක්) පළඳින්න. ජනතාව තමන්ගේ කාර්යය ඉටුනොකර ඇඳන් තියෙනවද? ඔක්සිජන් තියෙනවද? වැනි ප‍්‍රශ්න මතුකරනවා. ඒ ප‍්‍රශ්න අපි

බලාගන්නම්. ජනතාව සෞඛ්‍ය පුරුදු ආරක්ෂා කරගෙන නිවසේ රැුඳී සිටිනවා නම් අපෙන් ඇඳන් තියෙනවද? ඔක්සිජන් තියෙනවද වැනි ප‍්‍රශ්න අහන්න වෙන්නෙ නැහැ. සෞඛ්‍ය අංශ නිතරම ඉල්ලා සිටින සෞඛ්‍ය පුරුදු ආරක්ෂා කරගෙන නිවසට වෛරසය ගේන්නෙ නැත්නම් ගර්භණී මවුවරුන්ගේ සිට සියලූම දෙනාට රෝගය නොවැළඳී ආරක්ෂා වෙන්න පුළුවන්. මේ වනවිටත් වෛරසයෙන් වැඩිපුර මරණ වාර්තා වෙන්නේ තරුණ අයගේ නොවෙයි, වැඩිහිටි අයගේ ලෙසයි වාර්තාවලින් පෙන්වා දෙන්න පුළුවන්. මේ වනවිට වෛරසය සඳහා හොඳම විසඳුම එන්නත්කරණය බවට ලෝකයම පිළිඅරගෙන තියෙනවා. අපේ රටේ ඇස්ට‍්‍රාසෙනිකා එන්නත ජනවාරි 29 වැනිදා සිට ලබාදීම සිදුකළා. අපිට ලැබුණු ඇස්ට‍්‍රාසෙනිකා එන්නත් ලක්ෂ 15 ක එන්නත්වලින් 925,000 ක් පළමු මාත‍්‍රාව ලෙස ලබාදුන්නා. දෙවැනි මාත‍්‍රාව ලෙස 330,000 ක් ලබාදීමට කටයුතු කරමින් යනවා. එයින් වැඩි ප‍්‍රමාණයක් සෞඛ්‍ය, ආරක්ෂක අංශ ඇතුළු අත්‍යවශ්‍ය අය සඳහා ලබාදුන්නා. මේ වනවිට එම එන්නත්වල ලක්ෂ 06 ක පමණ හිඟයක් පවතිනවා. චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් ලක්ෂ 06 ක් ලැබුණා. ස්පුට්නික් එන්නත් 15,000ක් ලැබුණා. මේ වනවිට එම එන්නත් කොරෝනා වැඩිපුර අවදානම තිබෙන කොළඹ, ගම්පහ ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට ලබාදෙමින් යනවා. අපිට හිඟව පවතින ඇස්ට‍්‍රාසෙනිකා එනන්ත් ලක්ෂ 06 ඉන්දියාවෙන් ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. එම එන්නත් දැනට වැඩිපුර ලබාගෙන තියෙන රටවලින් ගෙන්වා ගැනීමට සාකච්ඡුා කරමින් සිටිනවා. ඇස්ට‍්‍රාසෙනිකා සහ සයිනොෆාම් එන්නත් අපේ රටේ වෙනත් එන්නත් ගබඩා කරන අයුරින් ගබඩා කරන්න පුළුවන් නිසා මතුවන ගැටලූ අඩුයි. නමුත් ස්පුට්නික් එන්නත උෂ්ණත්වය ඍණ අංශක 20 ක ගබඩා කළ යුතු නිසා එවැනි ගබඩා පහසුකම් සකස් කර ගන්න අවශ්‍යයි. දැනට අපිට ලැබුණු ස්පුට්නික් එන්නත් 15,000 ක ප‍්‍රමාණය සෞඛ්‍යාරක්ෂිතව ගබඩා කර 11,334 ක් එන්නත් කර අවසන් කර තිබෙනවා. මේ එන්නත් ලක්ෂ 06 ක තොගයක් ඉදිරි සති දෙක ඇතුළත නැවත රටට ලැබීමට නියමිතයි.

විශේෂයෙන් අපි වැඩිපුරම මේ රෝගය මර්දනය කරගන්න සහාය ඉල්ලා සිටින්නේ මහජනතාවගෙන්. රෝගීන් වැඩි වුවහොත් ඊට සාපේක්ෂව සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වැඩිකර ගන්න බැහැ. වෛද්‍යවරයෙක් බිහි කරන්න වසර 5 1/2 ක් යනවා. විශේෂඥ වෛද්‍යවරයෙක් බිහිකරන්න වසර 10 ක් යනවා. හෙද නිලධාරියෙක් බිහිකරන්න වසර 03 ක් යනවා. ඒ නිසයි නිතරම කියන්නේ රෝගීන් ධාරිතාව වැඩි වුණොත් රෝගය පාලනය කිරීම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙන් ගිලිහෙන්න පුළුවන් කියලා. ඒ නිසයි ජනතාවට නිතරම සංචරණයන් සීමාකර රෝගය වැළඳීමෙන් වැළකී ඉන්න කියන්නේ.

අපිට එන්නත් ගන්න මුදල් තිබුණත් ධනවත් රටවල් සමග තරග කරලා එන්නත් ගන්න අපහසුයි. මොකද ඒ රටවල නියෝජිතයෝ එන්නත් නිෂ්පාදන ආයතනවල සිටින නිසා ඔවුන්ට ප‍්‍රමුඛතාවය ලබා ගනිමින් එන්නත් මිලදී ගැනීම් සිදුකර තිබෙනවා. අනික අපේ රටේ පළමු සහ දෙවැනි කොවිඞ් රැුල්ල හමුවේ රෝගීන් සහ මරණ වාර්තා වීම ඉතා අඩු මට්ටමක තිබුණා. මරණ අනුපාතිකය සියයට දශම දෙකයි, තුනයි තිබුණේ. පසුගිය දවස් 28 ක පමණ කාලයේ සිට තමයි රෝගීන් සහ මරණ වාර්තා වීම සිදුවුණේ. ඒ වැඩි වුණ නිසා තමයි පළාත් අතර සහ දිස්ති‍්‍රක් අතර සංචරණ සීමා පනවන්න තීරණය කරලා තියෙන්නේ. අපිටත් රටක් වහල රෝගය පාලනය කරන්න පහසුයි. නමුත් එදිනෙදා ජීවිකාව ගෙනියන ජනතාව ගැනත් රජයක් විදියට බලන්න වෙලා තියෙනවා. කොහොම හරි මහජනතාව ඕනෑම එන්නතක් ලබාගෙන සිටීම තමයි වැදගත්. මේ එන්නත ලබාගෙන සිටීම මරණ සිදුවීමේ සම්භාවිතාවය අඩු කරගන්න පුළුවන්. ඒ නිසා හැකි සෑම අවස්ථාවකම එන්නත ලබාගන්න කටයුතු කරන්න.

වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධානි සුදත් සමරවීර මහතා,

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ කොවිඞ් පොකුරක් වාර්තා වුණාට මේ අපේ‍්‍රල් මාසයේ සිට රෝගය විශාල ලෙස ව්‍යාප්ත වීම වාර්තා වෙනවා. රෝගය බෝවන වැඩි පිරිසකට රෝග ලක්ෂණ වෙනදාට වැඩිය මතුවෙමින් පවතිනවා. ඒ වගේම රෝග ලක්ෂණ නොමැති විශාල පිරිසකුත් සමාජය තුළ සිටිනවා. මේ අය අලූත් අවුරුදු සමය තුළ රට පුරා සංචරණය වුණා. එහි ප‍්‍රතිඵලයක් ලෙසයි රෝගීන් වැඩිපුර රටපුරා ව්‍යාප්ත වී සිටින්නේ. දැන් රෝගය කුඩා දරුවාගේ සිට වයස් භේදයකින් තොරව වාර්තා වෙනවා.

අපේ රටේ ඉන්දියාවේ පැතිර යන කොරෝනා වෛරසය සහිත රෝගියෙක් හමුවුවත් ඔහු නිරෝධායනයේදී හමුවී ප‍්‍රතිකාර ලබා රෝගය නොමැති බවට පී. සී. ආර්. මගින් තහවුරු කරගෙන පිටව ගිය අයෙක් නිසා ඔහුගෙන් රෝගය බෝවීමේ හැකියාවක් නැහැ. එම රෝගියා ඉන්දියාවේ සිට පැමිණි අයකු බව ද හඳුනා ගත්තා. මේ නිසා විදෙස් රටක සිට අපේ රටට පැමිණෙන ඕනෑම අයකු විදෙස් රටකදී එන්නත විදගෙන හෝ නොගෙන පැමිණියත් ඔහු අනිවාර්යයෙන් දින 14 ක් නිරෝධායනය කිරීමට මෙරටදී කටයුතු කරනවා.

චමින්ද සිල්වා/ අනුර බාලසූරිය

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles