Divaina - ගාල්ලේ පී. එච්. අයි.ලා වැඩ වර්ජනයක

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 13 5ගැටලූ කිහිපයකට විසඳුම් ඉල්ලා ගාල්ල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඊයේ (12 දා) දවස පුරා වැඩ වර්ජනයක් පැවැත්වූහ.

ඒ නිසා කොරෝනා මරණ බැහැර කිරීම හැර පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීම, ‘කොවිඞ්’ විමර්ශන කටයුතු සිදු කිරීම, සායන පැවැත්වීම, වෙළෙඳසල් පරීක්ෂාව, නිරෝධායන කටයුතු සිදු කිරීම, කොරෝනා රෝගීන් රෝහල් ගත කිරීම, පාසල් සෞඛ්‍ය කටයුතු ආදී සියල්ලම ඇනහිට තිබිණි.

මෙම වර්ජනයට ගාල්ල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 20ට අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 118 දෙනාම එක්ව සිටියහ.

මේ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ගාල්ල ශාඛාව විසින් ඊයේ පවත්වන ලදී.

එහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ගාල්ල ශාඛාවේ සභාපති පුලිණ රණසිංහ මහතා මෙසේ පැවසීය.

”ගාල්ල දිස්ත‍්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ගැටලූ කිහිපයක් මතුවෙලා තිබෙනවා. වසර එකහමාරක් තිස්සේ ජීවිත අවදානම නොතකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රාජකාරි කරනවා. නමුත් අපේ ගැටලූවලට බලධාරීන් සවන් නොදීම නිසා අකමැත්තෙන් වුණත් වෘත්තිය ක‍්‍රියා මාර්ගයකට යෑමට සිදුවුණා.

අපි දවසේ පැය විසි හතරම රාජකාරි කරනවා. නමුත් බලධාරීන් පී.සී.ආර්. පරීක්ෂණ අඩු කරලා. 2020 අගෝස්තු සිට යතුරුපැදි ඉන්ධන දීමනා ලබාදී නැහැ. පැය විසිහතරම රාජකාරි කළත් අතිකාල දීමනා සීමා කරලා. කෙසේ වෙතත් කොරෝනා මළ සිරුරු බැහැර කිරීමේ කටයුතු පමණක් අප සිදු කරනවා.”

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ගාල්ල ශාඛාවේ උප ලේකම් ඞී.එම්. ජයරත්න මහතා මෙසේ ද පැවසීය.

”මහජනතාව සමග බිම් මට්ටමේ ඉන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයායි. මේ වන විට ගාල්ල නගර සභාවේ ද බරපතළ ප‍්‍රශ්නයක් ඇතිවෙලා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙනත් තැනකට ගෙන ගිහිල්ලා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද එම ස්ථානයට ගන්න බලපෑම් කරනවා. එසේ නොගිය නිසා කොවිඞ් එන්නතේ දෙවැනි මාත‍්‍රාව දෙන්නෙත් නැහැ. හැබැයි නගර සභාවෙන් බැහැරව එම ස්ථානයට ගියොත් දැනට කරන රාජකාරිවලින් සියයට අසූවක් කරන්න බැරිව යනවා. මේ ගැටලූ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරින් සමග සාකච්ඡුාවක් නොලැබුණහොත් වැඩ වර්ජනය දිගටම ගෙන යනවා.’’

අහංගම සුගතපාල දීයගහගේ,  වංචාවල ගැමුණු චන්ද්‍රලාල්

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles