Divaina - ඊයේත් ආසාදිතයෝ 2,386 ක් 1016 ක් සුවය ලබති - එංගලන්ත ප‍්‍රභේදය ත‍්‍රිකුණාමලයෙනුත් හමුවෙයි - එංගලන්ත ප‍්‍රභේදය ත‍්‍රිකුණාමලයෙනුත් හමුවෙයි

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 13 2මෙරට පළාත් කිහිපයකින් ඊයේ (12 දා) රාත‍්‍රී 9 වන විට කොවිඞ් - 19 වෛරස ආසාදිතයන් 2386 ක් අලූතින් හඳුනාගැනීමත් සමග මෙරට සමස්ත කොවිඞ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 133,484 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කොවිඞ් මර්දන ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඊයේ (12 දා) කොවිඞ් ආසාදිතව සිටි තවත් 1016 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යෑමත් සමඟ සුව වූ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 107,657 ක් දක්වා ඉහළ ගියේය.

කොවිඞ් - 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට දිස්ත‍්‍රික් 14 කට අයත් ග‍්‍රාම නිලධාරි වසම් 100 කට අධික ප‍්‍රමාණයක් හුදෙකලා තත්ත්වයට පත් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්‍ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

මේ අතර එංගලන්තයේ පවතින කොවිඞ් ප‍්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් දෙදෙනකු ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයෙන් ඊයේ (12 දා) හඳුනාගත් බවත් සෞඛ්‍ය අංශ පවසයි.

කන්තලේ සහ උප්පුවේලි සෞඛ්‍ය සේවා බල ප‍්‍රදේශවල ආසාදිතයන්ගේ සාම්පල තුනක් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යවා සිදු කළ පරීක්‍ෂණයේදී එංගලන්ත කොවිඞ් ප‍්‍රභේදය වන යූ.කේ.බී. 1.1.7 නමැති ප‍්‍රභේදය සොයා ගැනීමට හැකි වූ බව ද සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කරයි.

අදාළ තත්ත්වයත් සමඟ එංගලන්ත කොවිඞ් ප‍්‍රභේදය ආසාදිත මෙරට පුද්ගලයන් සොයා සිදුකරන පරීක්‍ෂණ පුළුල් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.

සුජීව තත්සර
 

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles