Divaina - කෘති‍්‍රම රා පෙරන්න සුරාබදු 5 ක් හවුල් වෙලා.... බුද්ධික පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්න කරයි

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

surabaduනීති විරෝධී රා නිෂ්පාදනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පුද්ගලයකු ඒ සඳහා තමාට සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරුන් හයදෙනකු සහාය දුන් බටව ප‍්‍රකාශ කරමින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට ලිපියක් යොමුකර ඇතැයි සමගි ජන බලවේගයේ මන්තී‍්‍ර බුද්ධික පතිරණ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේය. 2019.09.06 දින සුරාබදු කොමසාරිස් ජෙනරාල් එච්. ජී. සුමනසිංහ මහතාට ලිපියක් එවනු ලබන නීති විරෝධී කෘතී‍්‍රම රා නිපදවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අංක 174 ඒ, පලාලි පාර, කොන්ඩවිල් හි පදිංචි චන්ද්‍රකාන්තන් කාන්තරූපන් නම් පුද්ගලයකු විසින් මේ බව සඳහන් කර ඇති බවයි. රා කර්මාන්තය සම්බන්ධව ඉදිරිපත් කරන ලද ගැසට් නිවේදන තුනක් සම්බන්ධයෙන් සිය විරෝධතාව පළකරමින් ඔහු එසේ පැවසීය. පාර්ලිමේන්තු සභාගත කරන ලද එම ලිපිය උපුටා දක්වමින් ඔහු මෙසේ ද ප‍්‍රකාශ කරන ලදී.
 
 මේ ලියුමේ ඔහු ඉතා පැහැදිලිව චෝදනා එල්ල කොට තියනවා මම මේ කටයුත්ත කළේ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනෙක් එක්ක කියලා. කවුද ඒ නිලධාරීන්. ඒ ලියුමෙම කියනවා. මම ඒ ලිපිය සභාගත කරනවා. එස්. සිරිමාන්න සුරාබදු ස්ථානාධිපති එන්. සෝතිනාදන්, නියෝජ්‍ය කොමසාරිස්, කේ. කුමාරසිංහ, නියෝජ්‍ය කොමසාරිස් ප‍්‍රධාන කාර්යාලය, බී වණ්සූරිය, ප‍්‍රධාන කාර්යාල කොමසාරිස්, ඩබ්ලිව්. දිසානායක, ප‍්‍රධාන කාර්යාල කොමාසාරිස් යන අයගේ සහයෝගය මතයි මේක කළේ කියලා. ඔහු කියනවා මම වරදක් කළා. දඩ කන්න ලෑස්තියි. හැබැයි මම මේක කළේ තනියම නෙමෙයි කියලා.
 
 වැඩිදුරටත් අදහස් දක්වමින් බුද්ධික පතිරණ මන්තී‍්‍රවරයා සඳහන් කළේ සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධය ප‍්‍රකාශක කපිල කුමාරසිංහ මහතා පසුගියදා මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් විනාකිරි නිපදවීම සඳහා කෘතී‍්‍රම රා භාවිත නොකරන බව සඳහන් කළ ද අදාළ නිලධාරියා රූපවාහිනී සාකච්ඡුාවකදී විනාකිරි නිපදවීම සඳහා කෘතී‍්‍රම රා භාවිත කරන බව සඳහන් කර ඇති බවයි. ඒ අනුව රා කර්මාන්තය සම්බන්ධව ගෙන ආ ගැසට් මගින් ශී‍්‍ර ලංකාව තුළ කෘතී‍්‍රම රා නිපදවීම සඳහා වැඩි අවස්ථාවක් ලබාදෙන බව ඔහු සඳහන් කළා. ජනතාව ආහාරයට ගන්නා විනාකිරි හකුරු වැනි දෑ නිපදවීම සඳහා මෙම කෘතී‍්‍රම රා භාවිත කරනු ලබන බව ප‍්‍රකාශ කළ බුද්ධික පතිරණ මන්තී‍්‍රවරයා අවධාරණය කළේ එය දැඩි ගැටලූවක් බවයි. එමෙන්ම කෘතී‍්‍රම රා නිසා රජයට වසරකට රුපියල් බිලියන 80 ක බදු ආදායමක් අහිමි වන බව ද මන්තී‍්‍රවරයා පෙන්වා දුන්නා.
 
 ශී‍්‍ර ලංකාවේ මත්පැන් නිෂ්පාදනය සඳහා කෘතී‍්‍රම රා යොදාගන්නා බවට දිගින් දිගටම පාර්ලිමේන්තුව තුළ අනාවරණය කරනු ලැබූ බුද්ධික පතිරණ මන්තී‍්‍රවරයා මීට පෙර අවස්ථා ගණනාවකදීම සඳහන් කළේ මෙම විෂ සහිත කෘතී‍්‍රම රා නිපදවීම සඳහා සීනි, යීස්ට්, ඇමෝනියා, වතුර සහ පරණ ජංගම දුරකථන බැටරි යොදාගන්නා බවයි.

 

 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles