Divaina - ලංකාවට රිංගන්න හැදූ ඉන්දියාවේ 80 ක්‌ මාට්‌ටු

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 නෝමන් පළිහවඩන, හේමන්ත රන්දුණු

lankawata
 
 ඉන්දියාව පුරා දරුණු අන්දමින් ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා උවදුරට බියෙන් ධීවර වෙස්ගෙන ශී‍්‍ර ලංකාවට පලා ඒමට උත්සාහ කළ ඉන්දීය ජාතිකයන් අසූදෙනකු (80* නාවික හමුදා වෙරළ ආරක්‍ෂක බළකාය මගින් ඊයේ (5දා* උදෑසන අත්අඩංගුවට ගෙන ඇත. ධීවරයන් ලෙස වෙස් වළාගෙන පැමිණ සිටියදී අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතික පුද්ගලයන් ඔවුන් පැමිණ බෝට්ටු 11 ක නංවා ආපසු හරවා යැවීමට නාවික හමුදා නිලධාරීහු කටයුතු කළහ.
 
 කොරෝනා ව්‍යාප්තිය හමුවේ ශී‍්‍ර ලංකාවට පළා එන ඉන්දීය ජාතිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා නාවික හමුදාව විසින් පෙරේදා (3 දා* සිට නැගෙනහිර සහ උතුරු මුහුදේ දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කළ අතර එම මෙහෙයුමේදී මෙම ඉන්දීය ජාතිකයන් අල්ලා ගැනීමට හැකිවීම විශේෂ සිදුවීමක් බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කමාන්ඩර් ඉන්දික ද සිල්වා මහතා පවසයි.
 
 මෙම ඉන්දීය ජාතිකයන් ඊයේ පෙරවරුවේ ඉන්දියාවේ ධනුෂ්කොඩි වෙරළ තීරය ඔස්සේ බෝට්ටු 11 කින් ශී‍්‍ර ලංකා මුහුදු තීරයට ඇතුළු වී තිබිණි.
 
 එහිදී නාවික හමුදා වෙරළ ආරක්‍ෂක බළකායේ නිලධාරීන් විසින් මෙම බෝට්ටු අත්අඩංගුවට ගෙන එහි සිටි පුද්ගලයන් පරීක්‍ෂා කර ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ මෙම බෝට්ටුවල සිටි පුද්ගලයන් 80 දෙනා ධීවර වෙස්ගෙන සිටිය ද ඔවුන් ධීවරයන් නොවන බවය.
 
 පසුව මේ පිළිබඳව ඉන්දියාවේ වෙරළ ආරක්‍ෂක බළකායට සහ එහි බලධාරීන්ට දැනුම් දීමට නාවික හමුදාව විසින් කටයුතු කර තිබිණි.
 
 ඉන්දියාව පුරා කොරෝනා වසංගතය තදින් ව්‍යාප්තවීමත් එහි සෞඛ්‍ය පහසුකම් අවම මට්ටමක පැවතීමත් නිසා බොහෝ පුද්ගලයෝ ශී‍්‍ර ලංකාවට පළාඒමට උත්සාහ ගනිමින් සිටිති.
 
 ඒ අනුව නාවික හමුදා වෙරළ ආරක්‍ෂක බළකාය මගින් හලාවත මුහුදු තීරයේ සිට බස්නාහිරටත් එතැන් සිට පේදුරුතුඩුව දක්වාත් මුහුදු වෙරළේ විශේෂ ආරක්‍ෂක මෙහෙයුමක් කි‍්‍රයාත්මක කිරීමට පෙරේදා සිට කටයුතු කළේය.
 

 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles