Divaina - උපෙළ ප්‍රතිඵල නිකුත්වෙයි... 194,297 ක් සරසවි වරම් ලබති.. 86කගේ ප‍්‍රතිඵල අත්හිටුවයි... ලබාගත් ස්ථාන මෙවර කියන්නේ නෑ

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

චමින්ද සිල්වා
 
resultsඅධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල (2020* ඊයේ (04දා* නිකුත් වූ අතර එම ප‍්‍රතිඵල අනුව මෙවර 194,297 දෙනෙක් විශ්වවිද්‍යාල ප‍්‍රවේශය සඳහා සුදුසුකම් ලබා සිටිති. එය සියයට 64.39ක ප‍්‍රතිශතයකි.
 
 නව නිර්දේශය සහ පැරණි නිර්දේශය යටතේ මෙවර අපේක්ෂකයෝ 301,771ක් පෙනී සිටියහ.
 
 විෂයයන් 03ක් සඳහා නව නිර්දේශය යටතේ 277,625ක් ද, පැරණි නිර්දේශය යටතේ 24146ක් ද පෙනී සිටියහ. විශ්වවිද්‍යාල ප‍්‍රවේශය සඳහා නව නිර්දේශය යටතේ 178,333ක්ද, පැරණි නිර්දේශය යටතේ 15960ක්ද සුදුසුකම් ලබා ඇත.
 
 නව නිර්දේශය යටතේ අයදුම්කරුවන් 72 කගේ සහ පැරණි නිර්දේශය යටතේ අයදුම්කරුවන් 14 කගේ ප‍්‍රතිඵල අත්හිටුවා තිබේ.
 
 විභාගයට අදාළ අභියාචනා ඉදිරිපත් කිරීමට අදාළ දිනයන් පාසල් ආරම්භ කිරීමෙන් පසු දැනුම් දෙන බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා ‘දිවයින’ට ඊයේ පැවසීය.
 
 උසස් පෙළ ප‍්‍රතිඵලවලට අදාළව දිවයිනේ හෝ දිස්ත‍්‍රික්කයේ ලබාගත් ස්ථානයන් කිසිවක් ප‍්‍රකාශ නොකරන බවත් ඒ මහතා කීය.
 
 විභාග ප‍්‍රතිඵල ලබා ගැනීම සඳහා සියලූම පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් හට විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කර අඅඅගාදැබැඑිගකන හෝ අඅඅගරුිමකඑිගැං්පිගටදඩගකන වෙබ් අඩවියට පිවිස ප‍්‍රතිඵල ලබාගත හැකිය.
 
 කොවිඞ්-19 සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව උසස් පෙළ විභාගය පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ විභාග මධ්‍යස්ථාන 2648 කදී පැවැත්වුණි. ඒ සඳහා පාසල් සහ පෞද්ගලික අපේක්ෂකයන් 362,824 දෙනකු සුදුසුකම් ලබා තිබුණි.
 
 ප‍්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් පාසල් විභාග සංවිධාන හා ප‍්‍රතිඵල ශාඛාව 011-2784208/011-2784537/011-3188350/011-3140314 අංකවලට හෝ ක්ෂණික ඇමතුම් අංකය වන 1911 අංකය විමසීමෙන් තොරතුරු ලබාගත හැකිය.

 

 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles