Divaina - සා.පෙළ අගෝස්තුවේ: උ.පෙළ දෙසැම්බරයේ... 2023 වසරේ සිට ක‍්‍රියාත්මකයි.. වෙනසට කැබිනට් අනුමැතිය

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 සමන් ගමගේ සහ චමින්ද සිල්වා
 
exxam මෙරට සිසු සිසුවියන්ට උසස් අධ්‍යාපනය ස`දහා ගත වන කාලය වසරකින් පමණ කෙටි කරමින් අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයන් පැවැත්වෙන ක‍්‍රමය වෙනස් කිරීමට රජය තීරණය කර තිබේ.
 
 ඒ සඳහා වූ යෝජනාවකට පෙරේදා (03 වැනිදා* රැුස්වූ කැබිනට් මණ්ඩල රැුස්වීමේදී අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප‍්‍රකාශක ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
 
 ඒ අනුව සාමාන්‍ය පෙළ හදාරන දරුවන්ගේ අධ්‍යයන කාලය මාස තුනකින් අඩු කරමින් මෙතෙක් දෙසැම්බරයේ පැවැති සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේදී පැවැත්වීමටත්, අගෝස්තු මාසයේදී පැවැති අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදී පැවැත්වීමටත් තීරණය වී ඇත.
 
 මේ දක්වා මෙරට පාසල් දරුවන් විශ්වවිiාල අධ්‍යාපනයට යොමු වූයේ වයස අවුරුදු 19-20 කාලයේදී වන අතර උසස් අධ්‍යාපනය නිමා කිරීමේදී ඔවුන්ගේ වයස අවුරුදු 25-26 පමණ වන බව නිරීක්‍ෂණය වී තිබීම හේතුවෙන් එම තත්ත්වය ම`ග හරවා ඔවුන්ට වයස අවුරුදු 17-18 දී පමණ පාසල් අධ්‍යාපනය නිමා කර විශ්වවිiාලය අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව හිමි වන පරිදි මෙම වෙනස සිදු කරන බවද ඇමැතිවරයා ස`දහන් කළේය.
 
 දරුවන් උසස් අධ්‍යාපනය නිමා කිරීමේදී එසේ වැඩි කාලයක් ගත කිරීමෙන් පෞද්ගලිකව ඔවුන්ට මෙන්ම රටේ ආර්ථික ප‍්‍රගමණයට ද බලපාන කරුණක් බවට එය පත්ව තිබීම රජයේ මෙම තීරණය ගැනීමට හේතු වී තිබේ.
 
 කැබිනට් තීරණ දැනුම් දීම ස`දහා මාර්ගගත ක‍්‍රමය ඔස්සේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (04 වැනිදා* පැවති මාධ්‍ය හමුවේදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙම කරුණු අනාවරණය කළේය.
 
 එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා වර්තමානයේ ලොව බොහෝ රටවල දරුවන් වයස අවුරුදු 17-18 දී පමණ උසස් අධ්‍යාපනයට පිවිසෙද්දී මෙරට දරුවන්ට ඒ ස`දහා වයස අවුරුදු 19-20 වනතුරු සිටීමට සිදුව ඇති බවද පෙන්වා දුන්නේය.
 
 සියලූ ක‍්‍රමවේදයන් සකස් කිරීමෙන් අනතුරුව ලබන 2023 වසරේ සිට මෙය කි‍්‍රයාත්මක කිරීමට නියමිතය.

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles