Divaina - කොවිඞ් සිරුරු නොමිලේ ආදාහනය සම්බන්ධයෙන් චක‍්‍රලේඛයක්

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

death1කොවිඞ් රෝගීන්ගේ මළ සිරුරු නොමිලේ අදාළ පළාත් පාලන ආයතනවලට අයත් ආදාහනාගාරවලදී ආදාහනය කිරීම සම්බන්ධයෙන් චක‍්‍රලේඛයක් නිකුත් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පෙරේදා (02 දා) මාතලේදී පැවසීය.

මාතලේ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ කොවිඞ් රැුස්වීමේදී මෙම කරුණු අනාවරණය විය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, මාතලේ දිස්ත‍්‍රික්කය තුළ කොවිඞ් රෝගීන් ර`දවා තැබීමට ඇ`දන් දහසක ධාරිතාවකින් යුත් ස්ථාන කිහිපයක් යොදා ගැනීමට කටයුතු කරන බවත් තමන් ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය සමග සාකච්ඡුා කළ බවත් පැවසීය. එම කටයුතු සිදු කරන ආකාරය පිළිබ`දව දැනුවත් කිරීම ස`දහා මෙම විශේෂ රැුස්වීම කැ`දවු බවද හෙතෙම කීය.

මෙහිදී අදහස් දැක්වූ මාතලේ නගරාධිපති සන්දනම් මහතා කියා සිටියේ පළාත් පාලන ආයතනවල ආදාහනාගාරවලදී කොවිඞ් රෝගීන්ගේ මළ සිරුරු නොමිලේ ආදාහනය කිරීමට සිදුව ඇති බවත් ඒ පිළිබ`දව තීන්දුවක් ගන්නා ලෙස විෂයභාර අමාත්‍යවරයාගෙන් ඉල්ලූ බවත්ය.

කොවිඞ් රෝගීන් වෙනුවෙන් නාඋල අඹන රෝහල යොදා ගැනීමටත් ඒ ස`දහා අවශ්‍ය කටයුතු සිදු කිරීමටත්, ඊට අමතරව මාතලේ හා දඹුල්ල ප‍්‍රදේශවලින් අතරමැදි කොවිඞ් ප‍්‍රතිකාර ඒකක ලෙස යොදා ගැනීමට හැකි ස්ථාන වහාම සොයා ගැනීමට සහ ඒ ස`දහා අවශ්‍ය පහසුකම් සැපයීමටත් මෙහිදී තීරණය විය.

මෙම රැුස්වීම සඳහා සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාලක කෝට්ටේගොඩ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහණ දිසානායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, මාතලේ දිස්ත‍්‍රික් කොවිඞ් 19 වසංගත පාලන කමිටුවේ සම්බන්ධීකාරක මේජර් ජෙනරාල් එස්. යූ. එම්. එන්. මානගේ, මාතලේ දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ චමින්ද වීරකෝන් යන මහත්වරුන් ඇතුළු කමිටුව නියෝජනය කරන රාජ්‍ය නිලධාරීහු රැුසක් සහභාගි වූහ.

දඹුල්ල - සරත් එරමිනිගම්මන

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles