Divaina - ‘‘දිවයින’’ ප‍්‍රධාන උපදේශක කර්තෘ නාරද නිශ්ශංක

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

narada1කෘතහස්ත පුවත්පත් කලාවේදියෙකු වන නාරද නිශ්ශංක මහතා ‘‘දිවයින’’ පුවත්පතේ ප‍්‍රධාන උපදේශක කර්තෘවරයා ලෙස පත්කර තිබේ.
 
 1976 වසරේ ටයිම්ස් ඔෆ් සිලෝන් ආයතනය පළ කළ ලංකාදීප පුවත්පතේ ප‍්‍රාදේශීය මාධ්‍යවේදියකු හා නිදහස් මාධ්‍යවේදියකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ නාරද නිශ්ශංක මහතා 1981 ‘‘දිවයින’’ පුවත්පත ආරම්භයේදී ඊට එක්ව එහි නිදහස් මාධ්‍යවේදියෙකු, ප‍්‍රවෘත්ති කර්තෘ, ප‍්‍රාදේශීය ප‍්‍රවෘත්ති කර්තෘ, නියෝජ්‍ය කර්තෘ, සම කර්තෘ, පරිපාලන කර්තෘ ආදී තනතුරු හොබවා 2009 සිට 2016 දක්වා ‘‘දිවයින’’ පුවත්පතේ ප‍්‍රධාන කර්තෘවරයා ලෙස සේවය කර විශ‍්‍රාම ලැබීය.
 
 ඉන් අනතුරුව එක්ස්ප‍්‍රස් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගමේ සිංහල ප‍්‍රකාශන කර්තෘ ලෙසත්, මෑතක් වනතුරු මව්බිම පුවත්පතේ ප‍්‍රවෘත්ති අංශය බාර කර්තෘවරයා ලෙසත් කටයුතු කළේය.
 
 සිනමාවේ ප‍්‍රගමනය උදෙසා ස්වකීය මාධ්‍ය භාවිතාව වෙනුවෙන් 2012 දී සිග්නීස් ජාත්‍යන්තර සම්මානයට ද පාත‍්‍ර වූ නාරද නිශ්ශංක මහතා හොඳම සිනමා පිටු සංස්කරණය සඳහා ද සම්මානයට එදා පාත‍්‍ර වූයේ ඔහු සංස්කරණය කළ ‘‘දිවයින’’ පුවත්පතේ ‘සිනමා කලා’ පිටුව වෙනුවෙනි.
 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles