Divaina - කොවිඞ් රෝගීන්ට නිවෙස්වලම සිට ප‍්‍රතිකාර දෙන්න - වෛද්‍ය නවීන් ද සොයිසා

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

doctor2කොවිඞ්-19  රෝගීන්ගේ වැඩිවීම මත රෝහල් ධාරිතාව ඉක්මවායමින් පවතින නිසා රෝගීන් නිවෙස් තුළ තබා ගනිමින් විශේෂඥ වෛද්‍ය උපදෙස් අනුව ප‍්‍රතිකාර කිරීමේ ක‍්‍රමවේදය මෙරට තුළ ද ආරම්භ කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා ‘දිවයින’ට ඊයේ (3 දා) පැවැසීය.
 
 මේ වනවිට ලොව බොහෝ රටවල් මෙම ක‍්‍රමවේදය අනුගමනය කරන නිසා කොවිඞ් රෝගියකු යැයි සැකකරන පුද්ගලයකු ඒ පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයකු හෝ වෛද්‍යවරයකු දැනුවත් කරමින් නිවසේ සිට ප‍්‍රතිකාර ලබාගන්නා මෙම ක‍්‍රමවේදයට පිවිසීම කාලෝචිත බව ද හෙතෙම සඳහන් කළේය.
 
 කොවිඞ් වාහකයකු බව දැනගත්ත ද රෝග ලක්‍ෂණ නොමැති නම් එම රෝගියාට නිවසේ සිට ප‍්‍රතිකාර ලබාගත හැකි ක‍්‍රමයක් පවතී නම් වහාම ඒ බව අදාළ අංශ දැනුවත් කිරීම මගින් කිසිදු අවදානමකට ලක්නොවී නිවසේ සිටම ප‍්‍රතිකාර ලබාගත හැකි බව ද වෛද්‍ය නවින්ද සොයිසා මහතා පැවැසීය.
 
 ඊට අමතරව හදිසි රෝග තත්ත්වයන් මතුව ඇත්නම් (උදා:- නිව්මෝනියා වැඩිවීම, උණ වැඩිවීම, කැස්ස තත්ත්වය වැඩිවීම ඇතුළු කොවිඞ් රෝග ලක්‍ෂණ) වහාම දුරකථනයෙන් වෛද්‍යවරයකු අමතා රෝහල් ගතවීමට කි‍්‍රයාකළ යුතු බව ද ඒ මහතා කියා සිටියේය.
 
 සුජීව තත්සර
 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles