Divaina - දින 10ට ආසාදිතයෝ 13,000ක් - සැබෑ කොරෝනා රෝගීන් සංඛ්‍යාව හෙළි වෙන්නේ නෑ - පීඑච්අයි සංගමයේ සභාපති

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Corona34මෙරට කොරෝනා ආසාදිතයන් හ`දුනා ගැනීම ස`දහා පීසීආර් පරීක්‍ෂණ සිදු කරනු ලැබුවද රසායනාගාර වාර්තා ප‍්‍රමාදවීම නිසා දෛනිකව ප‍්‍රකාශයට පත් කෙරෙනුයේ රටේ සිටින සැබෑ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව නොවන බව මහජන පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ස`දහන් කළේය.

පවතින ප‍්‍රමාදය හේතුවෙන් දෛනික ආසාදිතයන් ගණන ලෙස ප‍්‍රකාශයට පත්කරනු ලබන්නේ ඊට දින හතරකට හෝ තුනකට පෙර මෙරට පැවති තත්ත්වය බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

පීසීආර් පරීක්‍ෂණ ප‍්‍රමාණය වැඩි කිරීමත් සම`ග ඇති වී තිබෙන තදබදය හේතුවෙන් මෙවන් තත්ත්වයක් නිර්මාණය වී ඇතැයිද ඒ මහතා පෙන්වා දුන්නේය.

බි‍්‍රතාන්‍යයේ නව කොරෝනා වෛරස් ප‍්‍රභේදය මෙරටින් හ`දුනා ගැනීමත් සම`ග මේ වන විට ඇති වී තිබෙන දැඩි ව්‍යාප්තිය හමුවේ ගෙවී ගිය දින දහයක කාලය තුළ පමණක් මෙරටින් හ`දුනාගෙන ඇති කොරෝනා ආසාදිතයන් ගණන දහතුන් දහස ඉක්මවා ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

එහිදී ඊයේ (03 වැනිදා) සිට ගෙවී ගිය අවසන් දින හතරක කාලය තුළ මෙරටින් 1500 ඉක්මවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් හ`දුනාගෙන ඇති අතර ඉතිරි දින හයේම දහස ඉක්මවූ ආසාදිතයන් පිරිසක් මෙරටින් වාර්තා වී ඇත.

ඇති වී තිබෙන මෙම වසංගත තත්ත්වයත් සම`ග මේ වන විට මූලාශ‍්‍රය හ`දුනාගත නොහැකි වූ ආසාදිතයන් සමාජයෙන් වාර්තා වීම සිදු වෙමින් තිබෙන බවද මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය ස`දහන් කළේය.

එම තත්ත්වය තුළ දැනට සිදු කරන පීසීආර් පරීක්‍ෂණ ප‍්‍රමාණය ඉහළ දැමුවහොත් අනිවාර්යයෙන්ම විශාල ලෙස ආසාදිතයන් වාර්තා වීමක් සිදුවන බවද එම සංගමය පෙන්වා දෙන්නේය. හ`දුනා නොගත් ආසාදිතයන් රැුසක් සමාජයේ ගැවසීම එම තත්ත්වයට හේතු වී ඇත.

මේ අතර මෙරට තුළ දැනට ඉන්දියාවේ ශීඝ‍්‍ර ලෙස පැතිර යමින් තිබෙන කොරෝනා වෛරසයේ පැතිරීමක් තිබේදැයි සොයා බැලීම ස`දහා ඉදිරි දින කිහිපය තුළ විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කිරීමට ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප‍්‍රතිශක්ති විද්‍යා හා අනුක වෛi අධ්‍යයනාංශය පියවර ගෙන තිබේ.

ඒ ස`දහා අවශ්‍ය ජෛව සාම්පල මේ වන විටත් රටේ විවිධ ප‍්‍රදේශවලින් ලබාගෙන තිබෙන බව එහි ප‍්‍රධානී මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය ස`දහන් කරන්නීය.

පවතින වසංගත තත්ත්වයත් සම`ග මේ වන විට මෙරට බන්ධනාගාර පද්ධතියෙන් කොරෝනා ආසාදිතයන් 280 ක් හ`දුනාගෙන ඇති අතර ඊයේ වන විට බන්ධනාගාර මූලස්ථානයටද වෛරසය ව්‍යාප්ත වී තිබිණි.

ඒ හේතුවෙන් බන්ධනාගාර මූලස්ථානයේ උසස් නිලධාරියකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර ඔහුගේ ආශි‍්‍රතයකු වීම නිසා සෞඛ්‍ය අංශවල උපදෙස් මත බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාද ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බව එහි නිලධාරියෙක් ස`දහන් කළේය.

මේ අතර පවතින වසංගත තත්ත්වය හමුවේ රට පුරා ඇති සියලූම සත්වෝද්‍යාන, සෆාරි උද්‍යාන සහ අලි අනාථාගාර අද (04 වැනිදා) සිට වසා දැමීමට තීරණය කළ බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය කළේය.

පවතින වසංගත තත්ත්වයත් සම`ග ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වීම හමුවේ ඊයේ (03 වැනිදා) පෙරවරුවේ සිට දිස්ති‍්‍රක්ක පහකට අයත් තවත් ග‍්‍රාම නිලධාරී අටක් හුදෙකලා කළ බව ජාතික කොරෝනා මර්දන කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේය.

ඒ අනුව මේ වන විට රට පුරා විවිධ ප‍්‍රදේශවල පොලිස් බල ප‍්‍රදේශ හයක් සහ ග‍්‍රාම නිලධාරී වසම් 74 ක් හුදෙකලා කර ඇති අතර ආසාදිතයන් පිරිසක් හ`දුනා ගැනීම නිසා ඊයේ පස්වරුවේ සිට බගවන්තලාව සෞඛ්‍ය වෛi නිලධාරී බලප‍්‍රදේහයට අයත් නෝර්වුඞ් හොන්සි නගරය, ඉන්ජස්ටි‍්‍ර වතුයායේ බාත්පොඞ් කොටස සහ බීරඞ්, බිලින්කිබොනි, අපගාලි යන වතු කොටස් හුදෙකලා කිරීමට ප‍්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීහු කටයුතු කළහ.

මේ අතර අඛණ්ඩව හත්වැනි දිනටත් දහස ඉක්මවූ ආසාදිතයන් පිරිසක් වාර්තා වෙමින් අලූත් අවුරුදු පොකුරෙන් තවත් ආසාදිතයන් 1046 දෙනකු හ`දුනා ගත් බව ජාතික කොරෝනා මර්දන කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය ඊයේ පස්වරු 6.00 පමණ වන විට නිවේදනය කළේය.

එම ආසාදිතයන් පිරිසත් සම`ග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 112799 දක්වා ඉහළ ගියේය.

එසේම කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයන් 967 දෙනකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබුණු අතර ඒ අනුව වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලද සංඛ්‍යාවද 98209 දක්වා වැඩි විය.

වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයන් 14870 ක පිරිසක් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටින බවද සෞඛ්‍ය අංශ ස`දහන් කළේය.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ තවත් මරණ නවයක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙරේදා රාති‍්‍ර නිවේදනය කළ අතර එම නවයත් සම`ග මෙරට සමස්ත කොරෝනා මරණ ගණනද 696 දක්වා වැඩි විය.

සමන් ගමගේ සහ නුවරඑළිය -නාලක රත්නායක

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles